දොළොස් හැවිරිදි ලී එඩියානෙස් රොඞ්රිගස් එස්පාඩා කරදර වූයේ ඇය සැතපුම් තුනකට වඩා වැඩි දුරක ධාවනයට ප්‍රමාද වේය කියාය. එම කණස්සල්ල ආරම්භයට විනාඩි පහළොවකට පෙර ඇය නොදැනුවත්වම තව ක්‍රීඩක කණ්ඩායමක් සමග අර්ධ මැරතන් තරඟයකට (සැතපුම් 13 කට වඩා වැඩි) සහභාගී වීමට ඇයට මග පෙන්වන ලදී. ලී එඩියානෙස් අන් ක්‍රීඩකයන් සමග දිවීම කළ අතර ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියාය. හතර වන සැතපුමේදී (අවසානය කොහෙත්ම නොපෙණුන) තමා සිටින්නේ දීර්ඝ සහ වඩාත් අසිරු තරඟයක බව දැන ගත්තාය. නමුත් ඉවත් නොවී ඇය දිගටම දිව්වාය. අර්ධ මැරතන් තරඟයට අහම්බෙන් සහභාගී වූ ඇය සැතපුම් 13.1 තරඟය 2,111 දෙනෙක් අතරින් 1,885 වෙනියාට අවසන් කළාය. දැන් එය දැඩි උත්සාහය වන්නේය.

මුල් සියවස් තුළ යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් පීඩාව තුළින් ගමන් කරන විට ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් වූ දිවීමෙන් ඉවත් වෙන්නට ඔවුන්ට සිතුන නමුත් නොකඩවා දිවීම කරන ලෙසට යාකොබ් ඔවුන්ව දිරිගැන්වීය. ඔවුන් ඉවසීමෙන් පරීක්‍ෂාව තුළින් යන්නේ නම් දෙවියන්වහන්සේ දෙගුණයක විපාකයක් පොරොන්දු වූ සේක (යාකොබ් 1:4 සහ 12). පළමුව “කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස …. ක්‍රියා කෙරේවා” (4 පදය) කියාද දෙවනුව දෙවියන්වහන්සේ ඔවුන්ට “ජීවනය නම් ඔටුන්න” එනම් පොළොවේ යේසුස් වහන්සේ සමග ජීවිතයද ඔවුන්ගේ ජීවිත කාලයේදී උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම කියාද පොරොන්දු වන සේක (12 පදය).

සමහර විට කිතුනු තරඟය අප අත්සන් කළ එක නොවේ යයි හැඟෙනු ඇත. එය සමහර විට අප සිතුවාටත් වඩා දීර්ඝ සහ වඩා අපහසු එකක් වේ. නමුත් දෙවියන්වහන්සේ අපට අවශ්‍ය දේ සපයන බැවින් අපට දැඩි උත්සාහයෙන් දිගටම දිවිය හැකිය.