2000 අලුත් අවුරුදු උදාවට පෙර දිනයේදී ඩිට්‍රොයිට්හී නිලධාරීන් වසර සියයක් පැරණි කාල කෝෂයක් ඉතා පරෙස්සමින් විවර කළහ. තඹ පෙට්ටියක බහා තිබූ එහි සමහර නාගරික නායකයන් විසින් සඵලත්වය ගැන දර්ශන ප්‍රකාශ කරන ලද බලාපොරොත්තු සහගත අනාවැකි තිබුණි. නමුත් නගරාධිපතිගේ පණිවුඩය වෙනත් අතකට යොමු වුනි. ඔහු මෙසේ ලිවීය : “අනික් සියල්ලට වඩා විශාල බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීමට අපට අවසර ලැබේවා. ඒ ජාතියක්, සෙනගක් සහ නගරයක් ලෙස ඔබ ධර්මිෂ්ඨකමෙන් වර්ධනය වී ඇති බව එනම් ජාතියක් උසස් කරන්නේ ධර්මිෂ්ඨකම බව තේරුම් ගනිත්වා”.

සාර්ථකත්වය, ප්‍රීතිය හෝ සමාදානය වෙනුවට නගරාධිපති ප්‍රාර්ථනා කළේ අනාගත පුරවැසියන් සත්‍ය වශයෙන්ම සාධාරණ සහ සෘජුකමෙන් වර්ධනය වනු ඇත කියාය. සමහර විට ඔහු මෙම ඉඟිය ලබා ගන්න ඇත්තේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට සා පිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝයයි කියූ යේසුස්වහන්සේගෙන් වෙන්න ඇති (මතෙව් 5:6). නමුත් දෙවියන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රමිතිය ගැන කල්පනා කරන විට පහසුවෙන් අධෛර්්‍යයට පත් විය හැකිය.

නමුත් වර්ධනය සඳහා අපගේම ශක්තිය මත යැපීමට අවශ්‍ය නොවන නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හෙබ්‍රෙව් කර්තෘ මෙසේ කීවේය : “… සමාදානයේ දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන අප තුළ කරමින් නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරන සේක්වා” (හෙබ්‍රෙව් 13:20-21). ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින අපව උන්වහන්සේව විශ්වාස කරන මොහොතේ සිටම උන්වහන්සේගේ රුධිරය කරණකොට ගෙන ශුද්ධ කරනු ලැබ සිටිමුව (12 පදය). නමුත් උන්වහන්සේ ක්‍රියාකාරීව අප හදවත් තුළ ජීවිත කාලය පුරාම ධර්මිෂ්ඨකමේ ඵලය වර්ධනය කරන සේක. ගමනේදී බොහෝ විට අපි පැකිළෙන්නෙමු. නමුත් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම රජ කරන “මතු පැමිණෙන නුවර” (14 පදය) ගැන අපි තවමත් බලා සිටිමු.