මම පෙර සිටි පුද්ගලයා නොවෙමි. මම අලුත් මනුෂ්‍යයෙක්මි”. පාසැල් රෑස්වීම වෙලාවේදී මාගේ පුත්‍රයා සිසුන්ට පැවසූ එම සරල වචන වලින් ඔහුගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළ විශාල වෙනස පෙන්නුම් කරයි. වරක් හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි ජෙෆ්රි තම පෙර පාප සහ වැරදි තුළින් තමන් දෙස බැලුවේය. නමුත් දැන් ඔහු තමාව දකින්නේ දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙසිනි.

බයිබලය මෙම පොරොන්දුව තුළින් අපව දිරි ගන්වයි. “එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරින්ති 5:17). අපගේ අතීතයේ අප කව්රු මෙන් සිටියත් කුමක් කළත් කම් නැත. අපගේ ගැළවීම උදෙසා යේසුස්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේ කුරුසිය තුළින් දෙන ලද පව් කමාව ලබා ගත් විට අපි අලුත් කෙනෙක් බවට පත් වන්නෙමු. ඒදන් උයනේ සිට අපගේ පාප වල වරද තැබීමේ හේතුව මත අපි දෙවියන්වහන්සේගෙන් වෙන් කර තිබුණත් දැන් උන්වහන්සේ අපට විරුද්ධව අපගේ “වරදවල් … ගණනට නොතබා” “ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන තමන්වහන්සේට අප සමගි කර” ගත් සේක 18-19 පද). අපි සොදා පිරිසිදු කරනු ලැබ උන්වහන්සේගේ පුත්‍රයාගේ සමානත්වයට වෙනස් කරන ලද උන්වහන්සේගේ අතීශයින් ප්‍රේමවන්ත දරුවෝ වෙමු (1 යොහන් 3:1-2).

යේසුස්වහන්සේ අපව පාපයෙන්ද එහි පාලන බලයෙන්ද නිදහස් කර දෙවියන්වහන්සේ සමග අලුත් සම්බන්ධතාවයකට ප්‍රතිෂ්ඨාපනය කළ සේක. අපව නිදහස් කර ඇත්තේ අප වෙනුවෙන් නොව “(අප) වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස…..” ය (2 කොරින්ති 5:15). මේ අලුත් අවුරුදු දිනයේ උන්වහන්සේගේ පරිවර්තනය කරන ප්‍රේමය අපව පොළඹවන්නේ අලුත් අනන්‍යතාවයක් සහ අරමුණක් උදෙසා ජීවත්වීමට බව සිහි තබා ගනිමු. එය අන් අයව අලුත් සෙනගක් කළ හැකි තැනන්වහන්සේ වන අපගේ ගැළවුම්කරුවාණන් වෙතට යොමු කිරීමටද උපකාර වනු ඇත.