සාගර ඡායාරූප ශිල්පිනී සිල්වියා අර්ල් කොරල්පර විනාශ වීම සෘජුවම දැක ඇත. ඇය මිෂන් බ්ලූ නැමැති සංවිධානය ආරම්භ කළේ ගෝලීය “බලාපොරොත්තුවේ කලාප” පිහිටුවීම සඳහාය. මෙම විශේෂිත ස්ථාන
“සාගරයේ සුවයට” අත්‍යවශ්‍ය වන අතර ඒවා පෘථිවියේ අපගේ ජීවිතවලටද බලපෑමක් ඇති කරන්නේය. මෙම පළාත් උවමනාවෙන් බලා ගැනීම මගින් ජලය යට සමූහනයන්ගේ සම්බන්ධතාවය ප්‍රතිෂ්ඨාපනය වීම සහ වඳවී යන ජාතීන් ආරක්‍ෂා වීමද සිදුවන්නේය.

ගීතාවලිය 33 හි ගීතිකාකරු පිළිගන්නේ උන්වහන්සේ කථා කළ පමණින් ඉෂ්ට වූ බවත් ආඥා කළ පමණින් ස්ථිරවූ බවත්ය (6-9 පද). දෙවියන්වහන්සේ පරම්පරා සහ ජාතීන්ට ඉහළින් පාලනය ගෙන යන නිසා (11-19 පද) සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කරන්නේත් ජීවිත ගළවා ගන්නේත් බලාපොරොත්තු නැවුම් කරන්නේත් උන්වහන්සේ පමණක්ය. කෙසේ වෙතත් ලෝකයට සහ උන්වහන්සේ මවා ඇති ජනතාව ගැන සොයා බලන ලෙසට දෙවියන් වහන්සේ අපට ආරාධනා කරන සේක.

අඳුරු අහසේ වළාකුළු අතරින් විහිදෙන දේදුන්නේ මිමුණුම හෝ ගල් පර සහිත වෙරළට වැදෙන සාගරයේ දිදුළන රැළද අපට උන්වහන්සේගේ “නොවෙනස් ප්‍රේමයද” අප උන්වහන්සේ කෙරෙහි තබන බලාපොරොත්තුව නිසා එන උන්වහන්සේගේ අභිමුඛයද නිසා සෑම විටම අපට උන්වහන්සේට ප්‍රශංසා කළ හැකිය (22 පදය).

ලෝකයේ වත්මන් තත්ත්වය සළකන විට පැමිණෙන පරීක්‍ෂාවන් වන කලකිරීම සහ බිය නිසා අපට වෙනසක් කළ නොහැකි යයි අප විශ්වාස කිරීමට පටන් ගන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රැකවරණ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස අපි අපගේ කොටස කරන විට මැවුම්කරුවාණන් ලෙසට අපට උන්වහන්සේට ගෞරව කිරීමටද අන් අය යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට බලාපොරොත්තුවේ ස්ථාන සොයා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමටද අපට හැකි වනු ඇත.