මම මුලින් ඔහුව නුදුටුවෙමි. උදෑසන කෑම පිණිස මම මගේ හෝටලයට පැමිණ සිටියෙමි. කෑම කාමරයේ සියල්ලම පවිත්‍රව තිබුණි. කෑම මේස පිරී තිබුණි. ශීතකරණයද පිරී තිබුණු අතර උපකරණ භාජනයද හොඳටම පිරී තිබුණි. සියල්ලම සම්පූර්ණය.

එවිට මම ඔහුව දුටුවෙමි. නිහතමානී මනුෂ්‍යයෙක් මෙය පුරවයි. එය පිසදමයි. ඔහු ඔහු ගැනම අවධානය යොමු කළේ නැත. නමුත් මම වාඩිවී සිටි කාලය දීර්ඝවත්ම මගේ මවිතයද වැඩි වුනි. මනුෂ්‍යයා ඉතා ඉක්මණින් වැඩ කළේය. සෑම දෙයක්ම පරීක්‍ෂා කළේය. යමෙකුට යමක් අවශ්‍ය වීමට පෙර සෑම දෙයක්ම නැවත පිරවීය. පරිණත ආහාර සපයන්නෙකු ලෙසින් ඔහු සෑම කුඩා දෙයක් ගැනම විමසිලිමත් වෙනවා මම දුටුවෙමි. කිහිප දෙනෙක් පමණක් දුටුවත් සෑම දෙයක්ම සම්පූර්ණව තිබුණේ මෙම මනුෂ්‍යයා ඉතා විශ්වාසවන්තව සේවය කරන නිසාය.

මෙම මනුෂ්‍යයා ක්‍රමානුකූලව වැඩ කරන දෙස බලා සිටි මට පාවුල් විසින් තෙසලෝනිකයන්ට දුන් පණිවුඩය සිහිපත් වුනි. “පිටත සිටින්නන් ගැන ඔබින ලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත් අප නුඹලාට අණ කළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහ කරන මෙන්ද නුඹලාගේම කාරණා බලා ගන්න මෙන්ද නුඹලාගේ අත්වලින් වැඩ කරන මෙන්ද අපි නුඹලාට අවවාද කරමුව” (1 තෙසලෝනික 4:11-12). ශුභා රංචිය පැතිරවීමට නිසල සාක්‍ෂියක් ලෙසට ගෞරවයෙන් සහ අරමුණකින් යුක්තව ඉතා කුඩාවට පෙනෙන ක්‍රියාවන්ගෙන් පවා විශ්වාසවන්ත සේවකයෙක්ට අන් අයගේ ගෞරවය දිනාගත හැක්කේ කෙසේදැයි පාවුල් තේරුම් ගත්තේය.

එදින මා දුටු මනුෂ්‍යයා යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක්දැයි මම දැන නොසිටියෙමි. නමුත් මට දෙවියන් වහන්සේ තුළ යැපෙන්නත් උන්වහන්සේගේ විශ්වාසවන්ත ක්‍රම පිළිඹිබු කරන නිසල විශ්වාසකමකින් ජීවත් වෙන්නත් ඔහුගේ නිසල කඩිසරකම මට සිහිපත් කළ නිසා මම කෘතඤ වෙමි.