දින හතරක් රෝගීව සිට පසුව ඉහළ උෂ්ණත්වයක් පෙන්වූ මාගේ ස්වාමිපුරුෂයාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව පැහැදිළි විය. රෝහල ඔහුව ක්‍ෂණිකව ඇතුළත් කර ගත්තේය. දිනෙන් දින ගත විය. ඔහු සුව වූවත් නිදහස් වීමට එය ප්‍රමාණවත් නොවීය. අසීරු තීරණයකට මම මුහුණ දුන්නෙමි. ඒ මාගේ ස්වාමිපුරුෂයා සමග සිටිනවාද නැත්නම් බොහෝ සෙනගක් හා ව්‍යාපෘති ඇතුළත් වැදගත් රාජකාරී ගමනක් යනවාද කියාය. ඔහු හොඳින් බවට මගේ ස්වාමි පුරුෂයා සහතික විය. නමුත් රාජකාරිය සහ මාගේ ස්වාමිපුරුෂයා අතර මගේ සිත සිරවී තිබුණි.

දෙවියන්වහන්සේගේ සෙනගටද ජීවිත මංසන්ධිවලදී උන්වහන්සේගේ උපකාරය අවශ්‍ය වන්නේය. බොහෝ විට ඔවුහු දෙවියන්වහන්සේගේ අණට කන් නුදුන්හ. එසේ හෙයින් මෝසෙස් ජනතාවට දැඩිව කියා සිටියේ උන්වහන්සේගේ ආඥා අනුව යමින් “ජීවිතය තෝරා ගන්නා” ලෙසටය (ද්විතීය කථාව 30:19). පසු කාලයක අනාගතවක්තෘ යෙරෙමියා මංමුලාව සිටි දෙවියන්වහන්සේගේ සෙනගට දිසාව පෙන්නුම් කරමින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරන ලෙසටයි : “නුඹලා මාර්ගවල නැවතී සිට බලා හොඳවූ මාර්ගය කොයි එකද කියා …… අසාගෙන එහි පලයල්ලා” (යෙරෙමියා 6:16) කියාය. දේව වචනයේ පුරාණ මාර්ග සහ ප්‍රතිපාදන වලට අපටද මග පෙන්විය හැකිය.

මම භෞතික මංසන්ධියක සිටින්නේ යයි සිතමින් යෙරෙමියාගේ ප්‍රඥාවේ මාර්ගය භාවිතා කළෙමි. මාගේ ස්වාමි පුරුෂයාට මාව අවශ්‍ය විය. මාගේ රාජකාරියටද එසේමය. ඒ අවස්ථාවේදී මාගේ පරිපාලකයා මට කථා කොට නිවසේ නතර වෙන ලෙසට උපදෙස් දුන්නේය. මම හුස්කමක් හෙළා මංසන්ධියකදී දෙවියන්වහන්සේගේ සැපයීම ගැන උන්වහන්සේට ස්තුති කළෙමි. දෙවියන්වහන්සේගේ මග පෙන්වීම එසේ පැහැදිළිව සෑම විටම පැමිණෙන්නේ නැත. නමුත් එය පැමිණෙන්නේය. අප මංසන්ධියක සිටින විට උන්වහන්සේ දෙස බැලීමට සහතික වෙමු.