මිතුරෙක්ගේ විද්්‍යුත් පණිවුඩ මාලාවෙන් පැමිණි චිත්‍ර විස්මිතය. එය පෙන්නුම් කළේ ඔහු තම භාර්්‍යයාව පුදුම කරවීමට ප්‍රතිෂ්ඨාපනය කර තිබූ 1965 ෆෝර්ඞ් මුස්ටාන්ග් මෝටර් රථයයි. එහි පිටත දීප්තිමත් නීල වර්ණයකි. රිම් දිලිසෙන රිදී වර්ණයෙන්ද අභ්‍යන්තරය කළු වර්ණයෙන්ද සහ අනෙක් දේවලට ගැලපෙන මෝටරයකින්ද යුක්ත විය. සුදුමැලි කඩතොළු සිත් ඇදනොගන්නා කහ වර්ණයෙන් යුත් එම මෝටර් රථයේ පෙර චිත්‍රද තිබුණි. දර්ශනය මවා ගැනීමට අසීරු වුවද වාහනය කර්මාන්ත ශාලාවෙන් පිටතට එන විට එය නෙත් ඇදගන්නා සුළු විය. නමුත් කාලය ගෙවී යෑම් සහ ඉරී යෑම් එය ප්‍රතිෂ්ඨාපනයට සුදානම් කාලය බව පෙන්නුම් කළේය.

ප්‍රතිෂ්ඨාපනයට සුදානම්ව තිබේ. ගීතාවලිය 80 හි දෙවියන්වහන්සේගේ සෙනගගේ තත්ත්වයද එසේම වූ නිසා නැවත නැවත කියවෙන යාච්ඤාව වූයේ “දෙවියන්වහන්ස, අප නැවත හැරෙව්ව මැනව. ඔබගේ මුහුණ බැබලෙව්ව මැනව. එවිට අපි ගැළවෙන්නෙමුව” යන්නයි (3 පදය සහ 7 සහ 19 පද බලන්න). මිසර දේශයෙන් මිදීම ලබා බහුල වූ දේශයක පදිංචි කරවීම ඇතුළත්ව තිබුණත් (8-11 පද) යහපත් කාලයන් පැමිණ ගොස් තිබුණි. කැරළිකාරකම නිසා ඔවුහු දෙවියන්වහන්සේගේ විනිශ්චය අත්දකිමින් සිටියහ (12-13 පද). ඔවුන්ගේ ආයාචනය වූයේ : “සේනාවල දෙවියන්වහන්ස, හැරී අව මැනව. ස්වර්ගයේ සිට ඇස් යොමා….” (14 පදය).

ඔබට කෙදිනක හෝ නිරස යයිද දූරස්ථ යයිද හෝ දෙවියන්වහන්සේගෙන් ඈත්ව ඇත කියාද සිතී ඇත්ද? ඒ ප්‍රීතිමත් ආත්ම තෘප්තිය නැති නිසාද? ඒ යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු සමග සාමාන්තර නැති නිසාද? ප්‍රතිෂ්ඨාපනය සඳහා වන අපගේ යාච්ඤා දෙවියන්වහන්සේ අසන සේක (1 පදය). එසේ ඉල්ලීමෙන් ඔබව වළක්වන්නේ කුමක්ද?