බොහෝ රෑබෝවී වාහනය පදවා ගෙන එද්දී ගෙයක් ගිනි ගන්නවා නිකලස් දුටුවේය. ඔහු මෝටර් රථය නවත්වා නිවස තුළට දිව ගොස් දරුවන් සතර දෙනෙක් ආරක්‍ෂිතව පිටතට ගෙන ආවේය. දරුවන් බලාගන්නා තරුණිය තවත් දරුවෙක් නැති බව දැන ගෙන ඒ බව නිකලස්ට කීවාය. පැකිළීමකින් තොරව ඔහු ගින්නෙන් දැවෙන ගෙට ගියේය. සය හැවිරිදි දැරිය සමග දෙවන මහලේ සිරවූ නිකලස් ජනේලයක් කඩා දමා ආපදා කණ්ඩායම ඒ ස්ථානයට පැමිණෙන අවස්ථාවේදීම දැරිය ඔසවා ගෙන බිමට පැන්නේය. තමන්ට වඩා අන් අය ගැන සළකමින් ඔහු දරුවන් සියලු දෙනාවම ගළවා ගත්තේය.

නිකලස් වීරත්වය ප්‍රදර්ශනය කළේ අන් අයගේ ආරක්‍ෂාව වෙනුවෙන් තමන්ගේ ආරක්‍ෂාව කැප කරමිනි. ප්‍රේමයේ මෙම බලවත් ක්‍රියාව ප්‍රදර්ශනය කරන්නේ අපව පාපයෙන් සහ මරණයෙන් ගළවා ගැනීමට කැපවූ ප්‍රේමයක් පෙන්වීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ යේසුස්වහන්සේ නැමැති තවත් ගැළවුම්කරුවෙක් ගැනයි. “මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළ සේක” (රෝම 5:6). අපෝස්තලු පාවුල් අවධාරණය කරන්නේ සම්පූර්ණ දෙවියන්වහන්සේද මාංසාකාරයෙන් සම්පූර්ණ මනුෂ්‍යයාද වූ යේසුස් වහන්සේ අපට කිසිවිටෙකත් ගෙවිය නොහැකි මිළයක් වන අපගේ පාප සඳහා වූ මිළය ගෙවීමට උන්වහන්සේගේ ජීවිතය පූජා කිරීමට තෝරා ගත් බවයි. “නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය” (8 පදය).

කැමැත්තෙන් ගැළවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේට අප ස්තුති කරමින් උන්වහන්සේව විශ්වාස කරන විට අපගේ වචන සහ ක්‍රියාවලින් අන් අයට ප්‍රේම කිරීමට උන්වහන්සේ අපව බලගන්වන සේක.