ඒබ්‍රහැම් ලින්කන් වරක් තම මිතුරෙකුට පැවසුවේ “මට යන්න වෙන තැනක් නැතැයි දරා ගත නොහැකි හැඟීමක් මට ඇති වූ බොහෝ අවස්ථාවලදී මම බොහෝ විට දණින් සිටියෙමි” කියාය. ඇමෙරිකානු සිවිල් යුද්ධයේ කුරිරු වසර වලදී ජනාධිපති ලින්කන් දැඩි ලෙස යාච්ඤාවට කාලය ගත කළා පමණක් නොව තමා හා එකතු වන ලෙසට දේශයේ වැසියන්ටද දන්වා සිටියේය. 1861 දී ඔහු “යටහත්කමේ යාච්ඤාවේ සහ නිරාහාරයේ දිනයක්” ප්‍රකාශයට පත් කළේය. එසේම 1863 ද ඔහු එසේම කරමින් “දේශයේ මෙන්ම මනුෂ්‍යයාගේද වගකීම වන්නේ දෙවියන්වහන්සේගේ පාලන බලය මත යැපීමයි. එසේම සත්‍යය ලෙස පාප කියා දීම දයාවට සහ සමාවට මග පෙන්වන්නේය යන ස්ථිර වූ බලාපොරොත්තුවත් සමග යටහත් වේදනාවකින් තමන්ගේ පාප සහ අයුතුකම් ප්‍රකාශ කළ යුතුය” යනුවෙනි.

ඉශ්‍රායෙල්වරු වසර හැත්තෑවක් බබිලෝනියේ වහලුන් ලෙස සිටි පසුව කොරේෂ් රජු ආඥාවක් නිකුත් කළේ යෙරුසලමට යාමට අවශ්‍ය ඕනෑම ඉශ්‍රායෙල්වරයෙක්ටම එසේ කළ හැකි බවයි. ඉශ්‍රායෙල්වරයෙක් වු නෙහෙමියාද (නෙහෙමියා 1:6) සහ බබිලෝනිය රජුගේ පාත්‍රධාරියාද (11 පදය) නැවත පැමිණි අය “මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත්” පෙළෙන බව අසා “හිඳ ගෙන අඬා වැලපී” කීප දවසක් නිරාහාරව යාච්ඤා කළේය (4 පදය). ඔහු තම රට වෙනුවෙන් යාච්ඤාවෙන් පොර බැදුවේය (5-11 පද). පසුව ඔහු තම සෙනගටද නිරාහාරව යාච්ඤා කරන ලෙසට කැඳවීය (9:1-37).

සියවස් ගණනකට පසුව රෝම අධිරාජ්‍යය කාලයේදී අපෝස්තලු පාවුල්ද තම පාඨකයන්ගෙන් ඉල්ලා සිටියේ බලයේ සිටින අය වෙනුවෙන් යාච්ඤා කරන ලෙසටය (1 තිමෝති 2:1-2). අන් අයගේ ජීවිතවලට බලපාන කරුණු වෙනුවෙන් වූ අපගේ යාච්ඤාවන් දෙවියන්වහන්සේ තවමත් අසන සේක.