වසර ගණනාවකට පෙර මා සෙමනේරියේ ඉගෙන ගන්නා කාලයේ අපට සතිපතා දේව මෙහෙයක් තිබුණි. එක් දේව මෙහෙයකදී සිසුන් විසින් “ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨය” යන ගීතිකාව ගායනා කරද්දී අපි බොහෝ සෙයින් ආදරය කරන මහාචාර්්‍යයවරුන් තිදෙනෙක් ඉතා උද්යෝගයෙන් ගීතය ගායනා කරනවා දුටුවෙමි. දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලෙන් පමණක් ඇති කළ හැකි ප්‍රීතියකින් ඔවුන්ගේ මුහුණු බැබළුණි. වසර කිහිපයකට පසුව ඔවුන් එකිනෙකා සුව නොවන රෝග තුළින් යන විට එය දරා ගැනීමට සහ අන් අයව දිරි ගැන්වීමට ඔවුන්ට උපකාරී වූයේ මෙම ඇදහිල්ලයි.

අද පරීක්‍ෂාවන් තුළින් ගමන් කරන විට එම ගුරුවරුන්ගේ ගායනයේ මතකයන් අඛණ්ඩව මාව දිරිමත් කරන්නේය. මට ඒවා ඇදහිල්ලෙන් ජීවත් වූ මිනිසුන් කිහිප දෙනාගේ දිරිගන්වන්නාවූ කථා වේ. හෙබ්‍රෙව් 12:2-3 දක්වා හෙබ්‍රෙව් කතුවරයාගේ කැඳවීම වන “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ….. කුරුසිය දරා ගෙන” ගිය යේසුස්වහන්සේ කෙරෙහි අපගේ දෑස් යොමු කිරීම අපට සිහිපත් කරන්නේය. පීඩාවන්ගෙන් හෝ ජීවිතයේ අභියෝගයන්ගෙන් පරීක්‍ෂාවන් පැමිණ ඉදිරියට යාම අපට අපහසු කරවන විටදී දෙවියන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ පොරොන්දු මත විශ්වාසය තැබූ අයගේ උදාහරණයන් අපට තිබේ. යේසුස්වහන්සේද සියල්ල දරා ගෙන අපට පෙර ගිය අයවළුන්ද සිහිපත් කර ගෙන “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන්” දිවීමට අපට හැකි වේ (1 පදය). ලේඛකයා අපව පොළඹවන්නේ “නුඹලාගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස” “….. විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනා කර” බලන ලෙසටය (3 පදය).

දැන් ස්වර්ගයේ සතුටින් සිටින මාගේ ගුරුවරුන් “ඇදහිල්ලේ ජීවිතය වටින්නේය. අත් නාරින්න” කියා කියනවා ඇත.