දහ නව වන සියවසෙහි ස්කොට්ලන්ත සභා පාලකයෙක් වූ තෝමස් චාමර්ස් උස් කඳුකරයක අශ්වයෙක් විසින් අදිනු ලැබූ කරත්තයක ගිය ගමනක් සහ පටු කඳු බෑවුමක් අසළ මාර්ගයක යන විට එක් අශ්වයෙක් කලබල වූ ආකාරය ගැන කථාවක් කීවේය. රියැදුරා ඔවුන් මරණයට වැටේවි යයි සිතා අඛණ්ඩව කසය වැනීය. අනතුරුදායක තත්ත්වය පසුවූ පසු එතරම් තදින් කසය භාවිතා කළේ මන්ද කියා ඔහු රියැදුරාගෙන් ඇසුවේය.
“අශ්වයාට සිතීමට වෙන දෙයක් දීමට මට අවශ්‍ය වුනි. මට ඔවුන්ගේ අවධානය ලබා ගැනීමට අවශ්‍ය වුනි” කියා ඔහු පිළිතුරු දුන්නේය.

තර්ජන සහ අනතුරුදායක තත්ත්වයන් අප වටා ගලා යන ලෝකයක අප සෑම කෙනෙක්ටම අපගේ අවධානය වෙනතකට යොමු කිරීමට වෙනත් දෙයක් අවශ්‍ය වන්නේය. කෙසේ වෙතත් අපට මානසික අවධානය වෙනස් කිරීමට එක්තරා ආකාරයක මනෝමය විජ්ජාවක් අවශ්‍ය වන්නේය. අපට වඩාත්ම අවශ්‍ය වන්නේ අපගේ සියලු බියයන්ට වඩා බලවත් වූ සත්‍යයක් කෙරෙහි අපගේ සිත රඳවා ගැනීමය. යුදාහී දෙවියන්වහන්සේගේ සෙනගට යෙසායා කීවේ අපට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ අපගේ සිත් දෙවියන්වහන්සේ කෙරෙහි රඳවා ගැනීම බවයි. යෙසායා පොරොන්දු වන්නේ “ඔබ කෙරෙහි විශ්වාස කරන (සියල්ලන්ව) ඔබ … ශාන්ත සමාදානයෙන් ආරක්‍ෂා කරන සේක” කියාය (යෙසායා 26:3). එසේම “ස්වාමින්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරපල්ලා. මක්නිසාද ……. ස්වාමින්වහන්සේ සදාකාල පර්වතයක්ය” (4 පදය) කියා කියන්නේය.

සමාදානය – දෙවියන්වහන්සේ කෙරෙහි ඇස් යොමා සිටින සියල්ලන්ට ලැබෙන ත්‍යාගයකි. උන්වහන්සේගේ සමාදානය අපගේ නරකම සිතුවිලි වෙනස් කර තබනවාට වඩා යමක් කරන්නකි. ඔවුන්ගේ අනාගතය ඔවුන්ගේ බලාපොරොත්තුව සහ ඔවුන්ගේ කරදර භාර දෙන්නාවූ අයට ආත්මයාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම අලුත් ජීවන මාර්ගයක් සළසා දෙන සේක.