නිලි නිෂෙල් නිකොල්ස් හොඳින්ම මතකයට එන්නේ මුල් ස්ටාර් ටේ‍රක් මාලාවේ ලුතිනන් උහුරාගේ චරිතය රඟ දැක්වූ නිසාය. ඇයව ප්‍රධාන රූපවාහිනී වැඩ සටහනක පළමු අප්‍රිකානු ඇමෙරිකානු නිළිය වීම කළ එම භූමිකාව නිකොල්ස්ට පුද්ගලික ජයග්‍රහණයක් වුනි. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ජයක් ඉන් පැමිණීමට තිබුණි.

ඇයගේ වේදිකා වැඩ වල යෙදීම සඳහා නිකොල්ස් ස්ටාර් ටේ‍රක් පළමු වාරයෙන් පසු එයින් ඉල්ලා අස් වුනි. ඉන්පසුව ඇයට කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං මුණ ගැසුනු අතර ඇයට අස් නොවන්නැයි ඔහු ඉල්ලා සිටියේය. පළමු වරට අප්‍රිකානු ඇමෙරිකානුවන්ට ඕනෑම දෙයක් කළ හැකි එසේම අභ්‍යාවකාශයට පවා ගිය හැකි ඉතා දක්‍ෂ පුද්ගලයින් ලෙස රූපවාහිනියේ දැකිය හැකි බව ඔහු කියා සිටියේය. ලුතිනන් උහුරා රඟපාමින් කළු ජාතික කාන්තාවන්ට සහ ළමයින්ට කළ හැකි දේ පෙන්වමින් නිකොල්ස් මහත් ජයග්‍රහණයක් හිමි කර ගනිමින් සිටියාය.

එය මට සිහිපත් කරන්නේ යාකොබ් සහ යොහන් යේසුස්වහන්සේගේ රාජ්‍යයෙහි හොඳම ස්ථාන දෙක උන්වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාවයි (මාර්ක් 10:37). ඒවා කෙතරම් අනර්ඝ පුද්ගලික ජයග්‍රහණයන් විය හැකිද? නමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීමෙහි වේදනාකාරී යථාර්ථයන් පෙන්නුම් කරමින් (38-40 පද) ඊටත් වඩා උසස් ස්ථානවලට ඔවුන්ව කැඳවමින් : “නුඹලා අතරේ ප්‍රධානියා වෙන්ට කැමති කවරෙක් නුමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය” (43 පදය) යනුවෙන් කී සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් තනිවම පුද්ගලික ජයග්‍රහණ ලබා ගන්නවා වෙනුවට උන්වහන්සේ මෙන් අන් අයට සේවය කිරීමට තමන්ගේ තනතුරු භාවිතා කළ යුතු වන්නේය (45 පදය).

නිෂෙල් නිකොල්ස් ස්ටාර් ටේ‍රක් සමග සිටියේ එය අප්‍රිකානු ඇමෙරිකානුවන්ට ලබා දෙන මහත් ජයග්‍රහණයන් නිසාය. අපිද පුද්ගලික ජයග්‍රහණයකින් තනිවම සෑහීමට පත් නොවී උන්වහන්සේගේ නාමයෙන් අන් අයට සේවය කිරීම සඳහා අපට ඇති කුමන තනතුරක් වූවත් භාවිතා කරමු.