1929 සහ 2008 දී ලෝක ආර්ථිකය පහත හෙළුෑ මූල්‍ය වැරදි වැළැක්වීම සඳහා ස්කොට්ලන්තයේ එඩින්බරෝහී වැරදීම් පිළිබඳ පුස්තකාලයක් ඇති කරන ලද්දේය. ඊළඟ පරම්පරාවේ ආර්ථික විශේෂඥයින්ට ඉගෙනීමට උපකාර වන පොත් දෙදහසක් පමණ එහි තිබුණි. එසේම පුස්තකාල විද්වතුන් පෙන්වා දෙන ආකාරයට එය “දක්‍ෂ මිනිසුන් කර ගෙන යන මෝඩ දේවල්” ගැන හොඳ නිදසුන් ලබා ගත හැකි තැනක් වන්නේය. විද්වතුන් පවසන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවිය හැක්කේ පෙර වැරදි වලින් ඉගෙන ගැනීමෙන් බවය.

පාවුල් කොරින්තිවරුන්ට සිහිපත් කර දෙන්නේ පරීක්‍ෂාවට නොවැටී සිටීමටත් ශක්තිමත් ආත්මික ජීවිතයක් ඇති කර ගැනීමටත් ඇති ක්‍රමය වන්නේ දෙවියන්වහන්සේගේ පුරාණ සෙනගගේ වැරදිවලින් ඉගෙන ගැනීමෙන් බවයි. ඒ අපට ඇති ආත්මික වරප්‍රසාදවලින් අΩධිස්ථිරභාවයට පත් නොවන පිණිස ප්‍රඥාව ලබා ගැනීමට ඇති උදාහරණයක් ලෙසට අපෝස්තලු පාවුල් පුරාණ ඉශ්‍රායෙල්වරුන්ගේ පරාජයන් ගෙන හැර දැක්වීය. ඉශ්‍රායෙල්වරු රූප වන්දනාව කළහ. “වෛශ්‍යාකම්” කිරීම තෝරා ගත්හ. දෙවියන්වහන්සේගේ යෝජනා සහ අරමුණු ගැන කෙඳිරූහ. නායකයන්ට විරුද්ධව කැරළි ගැසූහ. ඔවුන්ගේ පාපය නිසා ඔවුහු උන්වහන්සේගේ හික්මවීමට යටත් නොවූහ (1 කොරින්ති 10:7-10). පාවුල් මෙම ඓතිහාසික උදාහරණයන් ඔහුගේ ලිපියෙහි සඳහන් කළේ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් ඉශ්‍රායෙල්වරුන්ගේ වැරදි නැවත කිරීමෙන් වළක්වන පිණිසය (11 පදය).

දෙවියන්වහන්සේ උදව් කරන විට උන්වහන්සේට කීකරු වීමේ හදවතක් ලබා ගැනීමට හැකි වන පරිදි අපි අපෙන් සහ අනෙක් අයගෙන් සිදුවූ වැරදි වලින් ඉගෙන ගනිමු.