ඬේලි මිරර් පුවත් පතට අනුව සාමාන්‍ය පුද්ගලයෙක් ජීවිත කාලය තුළ තීරණ 773,618 ක් අර ගනිති. බි්‍රතාන්‍ය පුවත් පතක් වැඩිදුරටත් පවසන්නේ “ඉන් 143,262 ක් ගැන අපි කණගාටු වන” බවයි. පුවත්පත් මෙම සංඛ්‍යා ලේඛණ ලබා ගත්තේ කෙසේදැයි මට කිසිම අදහසක් නැත. නමුත් අපගේ ජීවිත කාලය පුරාවටම අපි ගණන් කළ නොහැකි තරම් තීරණවලට මුහුණ දෙන බව පැහැදිළිය. ඒ සෑම තිරණයකම ප්‍රතිවිපාකද සමහර ඒවා වල අප සිතනවාටත් වඩා ප්‍රතිවිාකද ඇතැයි අපි සළකන විට ඒවා අපව අකර්මණ්‍ය කරන්නේය.

වසර හතළිහක් කාන්තාරයේ ගමන් කිරීමෙන් පසුව ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ දේශයේ මායිමට පැමිණ සිටියහ. දේශයට අවතීර්ණ වූ පසු ඔවුන්ගේ නායක යෝෂුවා ඔවුන්ට අභියෝගාත්මක තීරණයක් ඉදිරිපත් කළේය : “නුඹලා ස්වාමින්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවය කරපල්ලා. …. නුඹලාගේ පියවරුන් …. සේවය කළ දෙවිවරුන් පහකර දමා…” (යෝෂුවා 24:14) කියා කීවේය. යෝෂුවා තවදුරටත් කියා සිටියේ
“ස්වාමින්වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම්….. නුඹලා සේවය කරන්ට කැමති කාටද කියා අදම තෝරා ගනිල්ලා. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද- ස්වාමින්වහන්සේට සේවය කරමු යයි කීවේය” (15 පදය).

එක් එක් අලුත් දිනයක් ආරම්භ කරන විට විශාල තීරණ ගණනාවකට මග පෙන්වමින් බොහෝ දේවල් අප ඉදිරියේ දිග හැරේ. අපට මග පෙන්වන්න යයි දෙවියන්වහන්සේගෙන් අසන්න අපි කාලය ගනිද්දී එය අප ගන්නා තීරණවලට බලපෑමක් ඇති කරයි. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් සෑම දිනකම උන්වහන්සේව අනුගමනය කරන්න අපට තෝරා ගත හැකිය.