චාර්ලි සහ ජෑන්ගේ පස්වන විවාහ සංවත්සරයේදී ඔවුහු තම පුත්‍රයා වන ජොන් සමග ආපන ශාලාවක උදෑසන ආහාර බෙදා ගත්හ. එදින ආපන ශාලාවේ සේවකයන් අඩු වූ අතර සිටියේ කළමනාකරු, කෝකියා සහ පිළිගන්නිය වේටර්වරිය සහ ඇණවුම් භාර ගන්නිය ලෙස සේවය කළ එක් තරුණ ගැහැණු ළමයෙක් පමණක් විය. ඔවුන් ආහාරය අවසන් කළ පසු චාර්ලි සිය භාර්්‍යයාව දෙසට හැරී “ඊළඟ පැය කිහිපයේදී අපට කළ යුතු වැදගත් යමක් තිබේද?” කියා ඇසුවේය. ඔවුන්ට එවැන්නක් නොවීය.

එම නිසා කළමනාකරුගේ අවසරය ඇතුව චාර්ලි සහ ජෑන් ආපන ශාලාවේ පිටුපසට ගොස් පිඟන් සේදීමට පටන් ගත් අතර ජොන් හැඩිවී තිබුණු මේස පවිත්‍ර කළේය. ජොන්ට අනුව එදින සිදුවූ දේ ඇත්තෙන්ම අසාමාන්‍ය දෙයක් නොවීය. ඔහුගේ දෙමව්පියෝ සෑම විටම “සේවය ලබන්ට නොව සේවය කරන්ට” පැමිණියේය යන යේසුස්වහන්සේගේ ආදර්ශය පෙන්වූ බව ඔහු කීවේය (මාර්ක් 10:45).

යොහන් 13 හී ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන් සමග බෙදාගත් අන්තිම රාත්‍රී භෝජනය ගැන අපි කියවන්නෙමු. එදින රාත්‍රියෙහි ඔවුන්ගේ අපිරිසිදු පාද සෝදා ගුරුතුමා යටහත් කමේ මූලධර්මය ඔවුන්ට ඉගැන්වූහ (14-15 පද). උන්වහන්සේ කැමැත්තෙන්ම මනුෂ්‍යයන් දුසිමකගේ පාද සේදූ සේක් නම් ඔවුහුද ප්‍රීතියෙන් අන් අයට සේවය කළ යුතු වේ.

අපට සේවය කිරීමට ලැබෙන මාර්ග එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් එක් දෙයක් සමානය. සේවය කිරීමේදී විශාල ප්‍රීතියක් ඇති වන්නේය. සේවය කිරීමේ ක්‍රියාව පිටුපස ඇති අරමුණ නම් එය ඉෂ්ට කරන අයට ප්‍රශංසාව ගෙන ඒම නොව සියලු ප්‍රශංසාවන් අපගේ යටහත් පරාර්ථකාමී දෙවියන්වහන්සේට යොමු කරමින් ප්‍රේමයෙන් යුතුව අන් අයට සේවය කිරීමයි.