ග්‍රීෂ්ම සෘතුවේ එක් රාත්‍රියක අපගේ නිවස අසළ සිටි පක්‍ෂීන් එක් වරම බියවී කෑ ගසන්න පටන් ගත්තේය. කෑ ගැසීම උග්‍ර වූයේ ගස්වල සිටි අනෙක් පක්‍ෂීන්ද තියුණු ලෙස කෑ ගැසූ විටය. කුමක් නිසාද කියා අපි පසුව තේරුම් ගත්තෙමු. ඉර බැස යද්දී විශාල උකුස්සෙක් ගසක් මුදුනේ සිට පහළට බැසීම නිසා පක්‍ෂින් භයානක කමෙන් ඉවත් වීම පිණිස අනතුරු ඇඟවීමේ ශබ්ද නැගීමට සහ විසිර යාමට එය හේතු විය.

අපගේ ජීවිත වලද උදාහරණයක් ලෙස බොරු අනාගතවක්තෘන්ගෙන් ආරක්‍ෂා වන පිණිස දේව වචනය පුරාවටම ආත්මික අනතුරු ඇඟවීම් අපට අසන්න ලැබේ. අපට ඇසෙන දෙය අප සැක කළ හැකිය. කෙසේ වෙතත් අප කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය නිසා අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ ආත්මිකව අනතුරුදායක දේ ගැන පැහැදිළි කිරීමට දේව වචනයේ පැහැදිළිව දක්වන සේක.

යේසුස්වහන්සේ ඉගැන්වූයේ “බොරු අනාගතවක්තෘන්ගෙන් ප්‍රවේසම් වෙයල්ලා. ඔව්හූ බැටළු වේශයෙන් නුඹලා ළඟට එති. නුමුත් ඇතුළතින් ඔව්හු කෘරවූ වෘකයෝය” (මතෙව් 7:15) කියාය. උන්වහන්සේ තවදුරටත් පැවසුවේ
“ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය….. එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නුමුත් නරක ගස නරක ඵල දරයි” කියාද ඉන්පසුව උන්වහන්සේ අනතුරු අඟවමින් “ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගනන්නහුය” කියාද (16-17; 20 පද) කී සේක.

හිතෝපදේශ 22:3 අපට සිහිපත් කරන්නේ “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙති. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති” යනුවෙනි. මෙම අනතුරු ඇඟවීම්වල ගැබ්ව ඇත්තේ උන්වහන්සේගේ වචනය තුළින් අපට එළිදරව් කර ඇති දෙවියන් වහන්සේගේ ආරක්‍ෂාවේ ප්‍රේමයයි.

භෞතික අනතුර ගැන පක්‍ෂීන් එකිනෙකාට අනතුරු ඇඟවූවාක් මෙන් ආත්මික අනතුරුවලින් මිදී දෙවියන් වහන්සේගේ ආරක්‍ෂාවේ දෑතට පියාඹා යන්නට අපි බයිබලයේ අනතුරු ඇඟවීම් වලට අවනත වෙමු.