“සෑම දෙයකදීම/දෙවියන්වහන්සේට සේවය කිරීමට අපි ප්‍රසන්න දේවල් සොයන්නෙමු” කියා දහසය වන සියවසේ ඇදහිලිවන්තයෙක් වූ අවිලාහී තෙරේසා පවසන්නීය. සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේට යටත් වෙනවාට වඩා වඩාත් පහසු සහ ප්‍රසන්න ක්‍රම සොයමින් පාලනයේ සිටීමට අප උත්සාහ ගන්නා බව ඇය තියුණු ලෙස පෙන්වා දෙන්නේය. නමුත් සෙමෙන්ද කෙමෙන් කෙමෙන්ද අකමැත්තෙන්ද සම්පූර්ණ වශයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න අපි නැඹුරු වන්නෙමු. එම නිසා තෙරේසා පවසන්නේ “අපි අපගේ ජීවිත වරකට ස්වල්පයක් බැගින් ඔබවහන්සේට මැන දෙද්දී අපි සම්පූර්ණයෙන්ම අපගේ ජීවිත ඔබවහන්සේට කැප කරන තුරු ඔබගේ දීමනා බිඳෙන් බිඳ ලබා ගැනීමෙන් අප සෑහීමකට පත්විය යුතු වන්නෙමු” කියාය.

මනුෂ්‍යයන් වශයෙන් විශ්වාසය අපට ස්වාභාවික ලෙස පැමිණෙන්නේ නැත. එම නිසා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ සහ ප්‍රේමයේ අත්දැකීම විශ්වාස කරමින් සහ ලබා ගනිමින් අපගේ හැකියාවන් මත යැපෙන්නේ නම් අපි කරදරයේ වැටෙන්නෙමු.

නමුත් යොහන් 1:4 හි අප කියවන පරිදි අප වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පළමුව පැමිණියේය (19 පදය). අපට උන්වහන්සේට ප්‍රේම කිරීමේ හැකියාව ලැබීමට බොහෝ කාලයකට පෙර සිටම උන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කළාද කිවහොත් අප වෙනුවෙන් උන්වහන්සේගේ පුත්‍රයා පූජා කිරීමට තරම් කැමති වූ සේක.
“ප්‍රේමය මේය” කියා පුදුමයෙන් සහ කෘතඥතාවයෙන් යුතුව යොහන් ලිවීය (10 පදය).

ක්‍රමයෙන් උන්වහන්සේගේ ප්‍රේමය ලබා ගැනීමට මෘදු ලෙසද ටිකෙන් ටිකද දෙවියන්වහන්සේ අපගේ හදවත් සුව කරන සේක. බිඳෙන් බිඳ උන්වහන්සේගේ අනුග්‍රහය අපගේ බිය භාර දීමට උපකාර කරයි (18 පදය). බිඳෙන් බිඳ අපි උන්වහන්සේගේ බහුලවූ අලංකාරය සහ ප්‍රේමය අත්විඳින තුරු අපගේ හදවත් වලට උන්වහන්සේගේ අනුග්‍රහය පැමිණෙන බව අපි දකින්නෙමු.