වසරකට වඩා අපි ඛා ව දැන ගෙන සිටියෙමු. අපි දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගත්තේ කුමක්දැයි සාකච්ඡා කිරීමට රැස්වූ සභාවේ කුඩා කණ්ඩායමේ ඔහුද සාමාජිකයෙක් වුනි. එක් සැන්දෑවක අපගේ සාමාන්‍ය රැස්වීම් වෙලාවක ඔහු ඔලිම්පික් වලට සහභාගී වූ බව ඔහු සඳහන් කළේය. එය ඔහු ඉතා සරලව පැවසූ නිසා එය මගේ මතකයේ සටහන් නොවීය. එවෙලේම මට දැණුනේ ඔලිම්පික් තරඟයක ලෝකඩ පදක්කමක් සඳහා තරඟ කළ ක්‍රීඩකයෙක් මා දන්නා බවයි. එය මීට පෙර ඔහු නොකීවේ මන්දැයි මට තේරුම් ගැනීමට නොහැකි විය. නමුත් ඛා ට ඔහුගේ කථාවේ මලල ක්‍රීඩා ජය වැදගත් කොටසක් වූවත් ඔහුගේ අනන්‍යතාවයට ඊටත් වඩා වැදගත් දේවල් තිබුණි. ඒ ඔහුගේ පවුල, ඔහුගේ සමූහනය සහ ඔහුගේ ඇදහිල්ල වේ.

අපගේ අනන්‍යතාවයේ මධ්‍යය විය යුත්තේ කුමක්දැයි ලූක් 10:1-23 දක්වා වූ කථාවේ සඳහන් කරයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අන් අයට පැවසීමට යේසුස්වහන්සේ යැවූ හැත්තෑ දෙනා ඔවුන්ගේ ගමනෙන් අකතුරුව ආපසු පැමිණි පසුව ඔවුහු උන්වහන්සේට වාර්තා කළේ “ස්වාමිනීි, ඔබගේ නාමය නිසා යක්‍ෂයෝ පවා අපට යටත් වෙතියි” කියාය (17 පදය). උන්වහන්සේ ඔවුන්ව විශාල බලයකින් සහ ආරක්‍ෂාවකින් සන්නද්ධ කළ බව යේසුස් වහන්සේ පිළිගත්තද ඔවුන් අවධානය යොමු කර ඇත්තේ වැරදි දෙය වෙතට බව උන්වහන්සේ කී සේක. උන්වහන්සේ පැවසුවේ ඔවුන්ගේ ප්‍රීතියට හේතු විය යුත්තේ ඔවුන්ගේ නාම “ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා” (20 පදය) කියාය.

දෙවියන්වහන්සේ කුමන ජයග්‍රහණයන් හෝ හැකියාවන් හෝ අපට ලබා දී තිබුණත් අපගේ මහත් ප්‍රීතියට හේතුව විය යුත්තේ අපව යේසුස්වහන්සේට කැප කර ඇති නිසාත් ස්වර්ගයෙහි අපගේ නාම ලියා ඇති නිසාත් සහ අපගේ ජීවිතවල උන්වහන්සේගේ දෛනික අභිමුඛය භුක්ති විඳින නිසාත්ය.