මගේ භාර්්‍යයාව වන මිස්කාට ඉතියෝපියාවෙන් ගෙන ආ මාලයක් සහ රවුම් කරාබු ඇත. ඒවායෙහි විශිෂ්ඨ සරලත්වය අව්‍යාජ කලාත්මකභාවය පෙන්නුම් කරයි. නමුත් මෙම කැබලිවල විශේෂත්වය නම් ඒවායේ කථාවය. ඉතියෝපියාවේ දශක ගණනාවක සිට තිබුණු දරුණු ගැටුම් නිසා එහි පොළොව හිස් පතුරොම් සහ ෂෙල් වෙඩි වලින් පිරී තිබුණි. බලාපොරොත්තුවේ ක්‍රියාවක් ලෙස ඉතියෝපියානු වැසියෝ පොළොව පුරා විසීරී තිබුණු ඉවත ලද දෑ පිරිසිදු කළහ. කලාකරුවෝ ඉතිරි වූ පතුරොම් සහ ෂෙල් වෙඩිවලින් ආභරණ සකස් කළහ.

මම මේ කථාව ඇසූ විට මීකා නිර්භීතව ප්‍රකාශ කළ දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ දෝංකාරය මට ඇසුණි. එක් දිනක් අනාගතවක්තෘ දැනුම් දුන්නේ “ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළා ගන්නෝය” (4:3) කියාය. මරන්ටත් තුවාල කරන්ටත් අරමුණු කෙරුණු යුද්ධායුධ දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා ජීවිතය පෝෂණය කරන උපකරණ බවට පත්වනු ඇත. දෙවියන්වහන්සේගේ පැමිණෙන්නාවූ දිනයේදී අනාගතවක්තෘ අවධාරණය කළේ “ජාතියක් ජාතියට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙන ගන්නේවත් නැත” කියාය (3 පදය).

මීකාගේ පූර්ව ප්‍රකාශය එකල මෙන් අදද පරිකල්පනය කිරීමට අපහසුය. පුරාණ ඉශ්‍රායෙල් මෙන් අපිද බලහත්කාරයට සහ යුද්ධයට මුහුණ දෙන්නෙමු. එසේම කිසිදා ලෝකය වෙනස් වේ යැයි සිතීම අපහසුය. නමුත් දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ උන්වහන්සේගේ දයාවෙන් සහ සුවයෙන් මෙම විස්මිත දිනය පැමිණෙන බවය. අප කළ යුතු වන්නෛ් මෙම සත්‍යය සමග ජීවත් වීම ආරම්භ කිරීමයි. ඉවත ලන දේ අලංකාර දේවල් වලට හරවමින් දැන් පවා උන්වහන්සේගේ කාර්්‍යය භාර ගැනීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක.