දෙවියන්වහන්ස, මේ දෙය සිදුවන්නේ ඇයි? ඇත්තෙන්ම මෙය අප වෙනුවෙන් වූ ඔබගේ සැළැස්මද? ස්වාමි පුරුෂයෙක් සහ තරුණ දරුවන්ගේ පියෙක් ලෙස මෙම ප්‍රශ්න සහ තවත් බොහෝ දේ මගේ මනසේ පොර බැදීමට පටන් ගත්තේ මා තුළ දරුණු පිළිකා තත්ත්වයක් නිරීක්‍ෂණය වීමෙන් පසුවය. ඊටත් වඩා මගේ පවුල දූත කණ්ඩායමක් සමග සේවය කර බොහෝ දරුවන් තමන්ගේ පුද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව පිළිගන්නවා දැක ටික කලකිනි. දෙවියන්වහන්සේ පිළිගත හැකි ඵල ගෙන ආ සේක. එහි මහත් ප්‍රීතියක් තිබුණි. නමුත් දැන් මෙය?

එස්තර්ද ඇයව ප්‍රේමණීය නිවසින් ඉවතට ගෙන අමුතු ලොවකට ඇද දැමූ පසු ප්‍රශ්න සහ යාච්ඤා දෙවියන් වහන්සේට වගුරුවන්න ඇති (එස්තර් 2:8). ඇය අනාථ වූ පසුව ඇයගේ ඥාති සහෝදර මොර්දෙකයි ඔහුගේම දියණියක් ලෙස ඇයව හදා වඩා ගත්තේය (7 පදය). පසුව ඇයව රජුගේ අන්ත:පුරයට ගෙනැවිත් රජුගේ බිසව ලෙස සේවය කිරීම දක්වා උසස් කෙරුණි (17 පදය). මොර්දෙකයි එස්තර්ට සිදුවන දේවල් ගැන අනිවාර්්‍යයෙන්ම සැළකිලිමත් වන්නට ඇත (11 පදය). නමුත් කාලය ගෙවී යත්ම “මෙවැනි ප්‍රස්ථාවක් නිසාම” මෙවැනි මහත් බලයක් ඇති ස්ථානයකට එනම් ඇගේ සෙනගව විනාශයෙන් ගළවා ගත හැකි ස්ථනයකට ඇයව කැඳවා ඇති බව දෙදෙනාම තේරුම් ගත්හ (7 සහ 8 පරිච්ඡේද).

දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සැළැස්මේ කොටසක් ලෙසට එස්තර්ව අමුතු ස්ථානයක තබා ඇති බව පැහැදිළිය. උන්වහන්සේ මටද එසේ කළ සේක. මම පිළිකාව සමග දීර්ඝ සටනක් කරන විටදී බොහෝ දෙනෙක් සමගද බොහෝ රෝගීන් සහ රෝගීන් බලා ගන්නන් සමගද මගේ ඇදහිල්ල බෙදා ගැනීමට මට අවස්ථාව ලැබුණි. උන්වහන්සේ ඔබට මග පෙන්වන අමුතු ස්ථානය කුමක්ද? උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ යෝජනාද එසේම වන්නේය (රෝම 11:33-36).