වසර ගණනාවකට පෙර ජුලී ලෑන්ඞ්ස්මන් ප්‍රධාන ප්‍රංශ නලා පිඹින්නියක් ලෙස නිව්යෝර්ක් මෙට්ට්‍රොපොලිටන් සංගීත කණ්ඩායමට බැඳීමට ඉදිරිපත් වූවාය. කණ්ඩායම විසින් තිරයක් පිටුපස තරඟය පැවැත්වූයේ විනිශ්චය කරුවන් පක්‍ෂපාතී නොවන පිණිසය. ලෑන්ඞ්ස්මන් තරඟය හොඳින් කර ජයගත්තාය. නමුත් ඇය තිරයෙන් පිටතට පැමිණී විට පිරිමි විනිසුරුවන් කාමරය පිටුපසට ගොස් ඇයට පිටුපා සිටගත්හ. පෙනෙන හැටියට නම් ඔවුහු බලාපොරොත්තු වූයේ වෙන කෙනෙකි.

ඉශ්‍රායෙල්වරු රජෙක් ඉල්ලා සිටි විට අනෙක් දේශයන් වල මෙන් භෞතිකව කැපී පෙනෙන මනුෂ්‍යයෙක්ව දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් සේක (1 සාමුවෙල් 8:5; 9:2). නුමුත් සාවුල්ගේ පළමු අවුරුදු අවිශ්වාසවන්ත සහ අකීකරුකම් වලින් පිරී ගිය නිසා අලුත් රජෙකු ආලේප කරන ලෙස දෙවියන්වහන්සේ සාමුවෙල්ව බෙත්ලෙහෙමට යැවූ සේක (16:11-3). සාමුවෙල් වැඩිමහල් පුත්‍රයා වන එලියාබ්ව දුටු විට ඔහු භෞතිකව කැපී පෙනුණ නිසා රජු වශයෙන් දෙවියන්වහන්සේ ඔහුව තෝරා ගෙන ඇතැයි සාමුවෙල් සිතුවේය. නමුත් දෙවියන්වහන්සේ සාමුවෙල්ගේ සිතුවිල්ලට අභියෝග කරමින් “මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නුමුත් ස්වාමින්වහන්සේ සිත බලන සේකැයි කී සේක” (7 පදය). උන්වහන්සේගේ සෙනගට මග පෙන්වීමට දෙවියන් වහන්සේ දාවිත්ව තෝරා ගෙන තිබුණි (12 පදය).

උන්වහන්සේගේ අරමුණු වෙනුවෙන් කෙනෙකුගේ හැකියාවන් සහ සුදුසුකම් අගයන විටදී දෙවියන්වහන්සේ චරිතය, කැමැත්ත සහ අරමුණු දෙස බලන සේක. උන්වහන්සේ මෙන් ලෝකය සහ එහි සෙනග දෙස බලන්න යැයි දෙවියන්වහන්සේ අපට ඇරයුම් කරන සේක. ඒ ඔවුන්ගේ පිටස්තර පෙනුම හෝ සුදුසුකම් අනුව නොව ඔවුන්ගේ හදවත් වෙත අවධානය යොමු කරමින්ය.