මා උගන්වන උසස් විද්‍යාලයේ ලිවීමේ පංතියක ප්‍රශ්න පත්‍ර කිහිපයක් ලකුණු කරමින් සිටියදී එක් විශේෂිත පත්‍රයක් මගේ සිත ගත්තේය. එය ඉතාමත් හොඳින් ලියා තිබුණි. ඉක්මණින්ම මට තේරුම් ගියේ එය ඉතාමත්ම හොඳින් ලියා තිබූ බවයි. කුඩා විමර්ෂණයකින් පෙන්නුම් කළේ එය අන්තර් ජාලයෙන් පිටපත් කර ගෙන ඇති බවයි.

මම සිසුවියට විද්්‍යුත් පණිවුඩයක් යවමින් ඇයගේ වංචාව අසුවී ඇති බව දන්වා සිටියෙමි. ඇයට මෙම විභාග පත්‍රයට බිංදුවක් ලැබෙනු ඇත. නමුත් අර්ධ ලකුණු සඳහා ඇයට තව පත්‍රයක් ලිවිය හැකිය. ඇයගේ ප්‍රතිචාරය වූයේ “මම ලැජ්ජාවෙමි. මට සමාවෙන්න. ඔබ මට පෙන්වන අනුග්‍රහය ගැන කෘතඥ වෙමි. මම එයට සුදුසු නොවේ” යනුවෙනි. මම ඇයට ප්‍රතිචාර දක්වමින් අපි සියල්ලෝම දිනපතා යේසුස්වහන්සේගේ අනුග්‍රහය ලබන හෙයින් ඇයට අනුග්‍රහය නොදක්වා ඉන්නේ කෙසේදැයි කීවෙමි.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අපගේ ජීවිත වර්ධනය කරමින් අපගේ වැරදිවලින් අපව ගළවා ගන්නා ක්‍රම බොහෝමයක් තිබේ. පේත්‍රැස් පවසන්නේ එය අපට ගැළවීම දෙන බවයි : “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොට ගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාස කරමු යයි කීවේය” (ක්‍රියා 15:11). පාවුල් කියන්නේ පාපයට යට නොවීමට එය අපට උපකාර කරන බවයි : “නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින් පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය” (රෝම 6:14) කියාය. තවත් තැනක පේත්‍රැස් පවසන්නේ අනුග්‍රහය සේවය කිරීමට ඉවහල් වන බවයි. “දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරපල්ලා” (1 පේත්‍රැස් 4:10).

අනුග්‍රහය දෙවියන්වහන්සේ විසින් නොමිලයේ දෙනු ලබයි (එපීස 4:7). අන් අයට ප්‍රේම කිරීමටත් දිරි ගැන්වීමටත් අපි මෙම දීමනාව පාවිච්චි කරමු.