තරුණ සභාපාලක වරයා සෑම උදෑසනකම යාච්ඤා කරමින් එදින කෙනෙක්ට ආශිර්වාද කරන්න ඔහුව පාවිච්චි කරන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ප්‍රීතිය පිණිස බොහෝ විට එවැනි අවස්ථාවන් උදා වුනි. ඔහුගේ දෙවන රැකියාවේ විවේකයක් තුළ දිනක් ඔහු හිරු එළියේ හවුල් සේවකයෙක් සමග වාඩිවී සිටිද්දී මෙම හවුල් සේවකයා ඔහුගෙන් යේසුස්වහන්සේ ගැන විමසුවේය. සභා පාලක වරයා අනෙකාගේ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු දුන්නේය. විවේචන නොවීය. විවාද නොවීය. සභාපාලකවරයා සඳහන් කළේ ශුද්ධාත්මයේ මග පෙන්වීම ඵලදායී සහ ප්‍රේමණීය සාකච්ඡාවක් සඳහා ඔහුට මග පෙන්වූ බවයි. එසේම දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගැනීමට පිපාසයක් ඇත්තාවූ අලුත් මිතුරෙක්ද ඔහුට ඇති විය.

යේසුස්වහන්සේ ගැන අන් අයට කීමට ඇති හොඳම මාර්ගය වන්නේ ශුද්ධාත්ම මග පෙන්වීමට ඉඩ හැරීමයි. උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට පැවසුවේ “නුමුත් ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා …….. මාගේ සාක්‍ෂිකාරයෝ වන්නහුය” (ක්‍රියා 1:8) යනුවෙනි.

ශුද්ධාත්මයාණන්ගේ ඵල නම් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය” (ගලාති 5:22-23). ආත්මයාණන්ගේ පාලනය යටතේ ජීවත් වෙමින් තරුණ සභාපාලක වරයා පේත්‍රැස්ගේ උපදෙස් ක්‍රියාවට නැංවීය : “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා” (1 පේත්‍රැස් 3:15).

ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීම නිසා අපි පීඩා වින්දද උන්වහන්සේගේ ආත්මය මග පෙන්වන බව අපගේ වචන වලින් අපට පෙන්විය හැකිය. එවිට අපගේ ගමන අන් අයව උන්වහන්සේ වෙත ඇද ගන්නවා ඇත.