විද්‍යාලයේ පැසි පන්දු තරඟයකින් පසු හිස් කෝප්ප සහ ආහාර ඔතා ගෙන ආ කඩදාසි එකතු කරන සේවකයන්ට උපකාර කිරීම සඳහා එක් පැසි පන්දු තරුවක් නැවතුණේය. ප්‍රේක්‍ෂකයෙක් ඔහුගේ ක්‍රියාව ගැන විඩියෝවක් මුදා හැරිය අතර එය අසූදාහකට වඩා දෙනෙක් නරඹා තිබුණි. එක් අයෙක් අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ “මෙම තරුණයා ඔබගේ ජීවිතයේ මුණ ගැසෙන යටහත්ම අයයි” යනුවෙනි. කණ්ඩායම සමග පිටත්වී ඔහුගේ ජයග්‍රහණය සැමරීම ඔහුට පහසු වන්න ඇති. නමුත් ඒ වෙනුවට ස්තුතිය නොලැබෙන සේවයකට ඔහු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුනි.

ස්වර්ගයේ උන්වහන්සේගේ උසස් නිලය ඉවත් කර පොළොවේ දාසයෙක්ගේ ස්වරූපය ගත් යේසුස් වහන්සේ තුළ මෙම පරම යටහත්කමේ ස්වභාවය පෙනෙන්ට තිබුණේය (පිලිප්පි 2:7). යේසුස්වහන්සේට එසේ කිරීම අවශ්‍ය නොවීය. නමුත් උන්වහන්සේ කැමැත්තෙන්ම යටහත් වූ සේක. මෙලොව උන්වහන්සේගේ සේවයට ඉගැන්වීම, සුව කිරීම, සියලු සෙනගට ප්‍රේම කිරීම මෙන්ම ඔවුන්ව ගළවා ගැනීම සඳහා මිය යාම සහ නැවත නැගිටීමද ඇතුළත් විය. ක්‍රිස්තුස්වහන්සේගේ උදාහරණය පොළොවක් අතු ගෑමට මිටියක් අතට ගැනීමට හෝ කෑම බෙදීමට හෝ අපට පෙලඹවීමක් ඇති කළත් එය වඩාත් බලවත් වන්නේ අන් අය කෙරෙහි අපගේ ආකල්පය මතය. සත්‍යය වූ යටහත්කම වනුයේ අභ්‍යන්තර ගුණාංගයකි. එය අපගේ ක්‍රියාවන් වෙනස් කරනවා පමණක් නොව අපට වැදගත් වන දේවල්ද වෙනස් කරන්නේය. එය අපව “එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුම් යැයි” අගයන්න පොළඹවනවා ඇත (3 පදය).

කර්තෘ සහ දේශක ඇන්ඩ්‍රැ මරේ පැවසුවේ “ශුද්ධකමේ අලංකාරත්වය සහ පුෂ්පය යටහත්කමය” කියාය. අපි උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ හදවත පරාවර්තනය කරද්දී අපගේ ජීවිත මෙම අලංකාරය පරාවර්තනය කෙරේවා.