එංගලන්තයේ කේම්බි්‍රඞ්ජ්හී ක්‍රයිස්ට් කොලේජ් (ක්‍රිස්තුස්වහන්සේගේ විදුහල) දෙව් මැදුරේ තිබුණු ස්මාරක දෙක දහහත් වන සියවසේ සිටි වෛද්‍යවරුන් දෙදෙනෙක් වන ජෝන් ෆින්ච්ට සහ තෝමස් බෙයින්ස්ට කැප කර තිබුණි. වෙන් කළ නොහැකි මිතුරන් ලෙස හඳුන්වනු ලැබූ ෆින්ච් සහ බෙයින්ස් වෛද්‍ය පරීක්‍ෂණවලදී එක්ව ක්‍රියා කරමින් ප්‍රභූ ගමන් වලදීද එක්ව ගියහ. බෙයින්ස් 1680 දී මියගිය අතර වසර තිස් හයක් පැවතී ඔවුන්ගේ
“නොබිඳුණු ආත්ම විවාහය” ගැන ෆින්ච් දුක් විය. ඔවුන්ගේ මිත්‍රත්වය ඇලුම්කමේද පක්‍ෂපාතිත්වයේද කැපවීමේද එකක් වුනි.

ඒ හා සමාන වූ මිත්‍රත්වයක් දාවිත් රජු සහ යොනාතාන් අතර තිබුණි. ඔවුන්ද අන්‍යෝන්‍ය ඇල්මකින් වෙළී සිටි අතර (1 සාමුවෙල් 20:41) එකිනෙකාට කැපවන්න පොරොන්දු වූහ (8-17 සහ 42 පද). ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි පක්‍ෂපාතිත්වයෙන් සළකුණු විය (19:1-2; 20:13). දාවිත්ට රජු වීමට හැකි වන පරිදි යොනාතාන් සිංහාසනයට තමාට තිබූ අයිතියද කැප කළේය (20:30-31; 23:15-18 බලන්න). යොනාතාන් මිය ගිය විට දාවිත් වැළපුණේ යොනාතාන්ගේ ප්‍රේමය “ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය” කියා පවසමිනි (2 සාමුවෙල් 1:26).

අද විවාහයට මිත්‍රකම සම්බන්ධ කිරීම ගැන අපට අපහසුවක් දැනෙනු ඇත. නමුත් ෆින්ච් සහ බෙයින්ස්ගේ මිතුරුකම සහ දාවික් සහ යොනාතාන්ගේ මිතුරුකම අපගේ මිතුරුකම වඩාත් ගැඹුරු කිරීමට උපකාර වනු ඇත. යේසුස්වහන්සේ තමාගේ මිතුරන්ට උන්වහන්සේගේ ළයට හාන්සි වී සිටීමට ඉඩ දුන් සේක (යොහන් 13:23-25). උන්වහන්සේ අපට දක්වන ඇල්ම, පක්‍ෂපාතිත්වය සහ කැපවීම අප එක්ව ගොඩ නගන ගැඹුරු මිත්‍රත්වයේ පදනම විය හැකිය.