ගොවිපළක ඉපදුන ජඞ්සන් වෑන් ඩි වෙන්ටර් චිත්‍ර ඇඳීමට ඉගෙන ගෙන කලාව අධ්‍යයනය කර චිත්‍ර ගුරුවරයෙක් වූයේය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වෙනස් සැළසුමක් දෙවියන්වහන්සේට තිබුණේය. සභාවේ මිතුරෝ ඔහුගේ වැඩ අගය කරමින් ශුභාරංචිය ගෙන යන කෙනෙක් වන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියෝය. දෙවියන්වහන්සේද තමාව කැඳවන බව ජඞ්සන්ට වැටහුණි. නමුත් කලාව ඉගැන්වීම අත් හැරීමට ඔහුට අපහසු වුනි. ඔහු දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. නමුත් අවසානයේදී “මගේ ජීවිතයේ ප්‍රධානතම පැය පැමිණ තිබේ. මම සියල්ලම කැප කරමි” කියා ලීවේය.

ආබ්‍රහම්ගේ පුත්‍රයා වන ඊසාක්ව කැප කරන්න යයි දෙවියන්වහන්සේ කී විට ඔහුගේ සිත් තැවුල ගැන අපට සිතා ගැනීමට නොහැකිය. “දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි” (උත්පත්ති 22:2) කියා කිවූ දෙවියන් වහන්සේගේ අණින් පිබිදී දෙවියන්වහන්සේ අපට පූජා කරන්න කියා කියන අගනා දෙය කුමක්දැයි අපි අපෙන්ම අසන්නෙමු. උන්වහන්සේ අවසානයේදී ඊසාක්ව නිදහස් කළ බව අපි දනිමු (12 පදය). නමුත් කාරණාව පැහැදිළිය. ඔහුට වඩාත් වැදගත් දෙය ඔප්පු කිරීමට ආබ්‍රහම් සුදානම්ව සිටියේය. ඉතාමත් අසීරු කැඳවීමක් මධ්‍යයෙහි දෙවියන් වහන්සේ සපයනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නෙමු යයි අපි කියන්නෙමු. නමුත් අපට ඉතා අගනා දෙය ඔප්පු කිරීමට අපි කැමැත්තෙන් සිටිමුද? ජඞ්සන් වෑන් ඩිවෙන්ටර් දෙවියන්වහන්සේගේ කැඳවීම අනුව ශුභාරංචි සේවයට ගිය අතර “මම සියල්ල කැප කරමි” යන ගීතිකාව ලීවේය. පසුව දෙවියන්වහන්සේ ජඞ්සන්ව නැවත ඉගැන්වීමට කැඳවූ සේක. ඔහුගේ එක් සිසුවෙක් වූයේ බිලි ග්‍රැහැම්ය.

අපගේ ජීවිත සඳහා වූ දෙවියන්වහන්සේගේ සැළසුම් අපට සිතා ගැනීමටවත් නොහැක. අප ඉතා ආසා කරන දේවල් කැප කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වන සේක. අනෙක් අතට අප වෙනුවෙන් පූජා වීමට උන්වහන්සේ තමන්වහන්සේගේ එක් ජාතක පුත්‍රයා පූජා කළ සේක.