දෙවන එලිසබෙත් රැජින තම වසර හැත්තෑවක බි්‍රතාන්‍ය පාලනය තුළ තම අනුඅත්සන යෙදුවේ පෙරවදනක් සමග තම පුද්ගලික චරිතාපදානය වන සේවක රැජින සහ ඇය සේවය කරන රජු යන ග්‍රන්ථයට පමණි. එය ප්‍රසිද්ධ කරන ලද්දේ ඇගේ අනූවන ජන්ම දිනයේදීය. පොත පෙන්නුම් කරන්නේ ඇය රට පාලනය කරන කාලයේදී ඇගේ ඇදහිල්ල ඇයට මග පෙන්වූ ආකාරයයි. පෙරවදනේදී ඇය වෙනුවෙන් යාච්ඤා කළ සියලු දෙනාට ඇය කෘතඥතාවය පළ කළ අතර දෙවියන්වහන්සේගේ නොසෙල්වෙන ප්‍රේමයට උන්වහන්සේටද ස්තුති කළාය. ඇය අවසන් කළේ “මම ඇත්තෙන්ම උන්වහන්සේගේ විශ්වාසවන්තකම දුටුවෙමි” යනුවෙනි.

එලිසබෙත් රැජිනගේ සරල ප්‍රකාශනයේ දෝංකාර දෙන්නේ තම ජීවිත වල දෙවියන්වහන්සේගේ පුද්ගලික සහ විශ්වාසවන්ත රැකවරණය අත්දුටු ඉතිහාසය පුරාම සිටි ගැහැණු පිරිමි දෙකොට්ඨාශයේම සාක්‍ෂියයි. දාවිත් රජු තම ජීවිතය ආවර්ජනය කරමින් ලියූ අලංකාර ගීතයේ යටි තේමාව මෙයයි. 2 සාමුවෙල් 22 හි ලියැවී ඇති ගීතයේ දාවිත්ව ආරක්‍ෂා කර ගනිමින් ඔහුට සපයමින් සහ ඔහුගේ ජීවිතය පවා අනතුරු වලින් ආරක්‍ෂා කර ගනිමින් දෙවියන්වහන්සේ දැක්වූ විශ්වාසවන්තකම ගැන සටහන් වේ (3-4, 44 යන පද). දෙවියන්වහන්සේගේ විශ්වාස වන්ත කම ගැන ඔහු ලැබූ අත්දැකීම් වලට ප්‍රතිචාර දක්වමින් “ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි” (50 පදය) යනුවෙන් දාවිත් ලිවීය.

දීර්ඝ කාලයක් පුරා දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත කම දැකීම අමතර අලංකාරයක් වනවාක් මෙන්ම අපගේ ජීවිත වල උන්වහන්සේගේ රැකවරණය සඳහා බලා සිටීමට අවශ්‍ය නොවේ. ජීවිතය තුළින් අපව ගෙන යන්නේ අපගේ හැකියාවන් නොව ප්‍රේමණීය පියෙක්ගේ විශ්වාසවන්ත රැකවරණය බව අප තේරුම් ගන්නා විට අපි කෘතඥතාවයට සහ ප්‍රශංසාවට යොමු වන්නෙමු.