ඇමෙරිකානු සිවිල් යුද්ධය තිත්තකමේ බීජ ඉස්මතු කරමින් තිබුණු විටෙක දකුණ ගැන කරුණාවන්ත වචනයක් කථා කිරීම සුදුසු බව ඒබ්‍රහැම් ලින්කන්ට වැටහුණි. විමතියට පත්වූ බලා සිටින්නියක් ඔහු එසේ කරන්නේ කෙසේදැයි ඇසීය. ඔහු පිළිතුරු දුන්නේ “මහත්මිය, මම මාගේ සතුරන්ව මිතුරන් බවට පත් කර ගත් විට මම ඔවුන්ව විනාශ කරනවා නොවේද?” යනුවෙනි. එම වචන ආවර්ජනය කරමින් සියවසකට පසු කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළේ “මෙය මුදා ගත හැකි ප්‍රේමයේ බලයයි” කියාය.

කිං බැලුවේ තම සතුරන්ට ප්‍රේම කරන්න යැයි ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට කිවූ යේසුස්වහන්සේගේ ඉගැන්වීම් දෙසය. තමන්ට පීඩා කරන අයවළුන්ට ප්‍රේම කිරීමට ඇදහිලිවතුන් පොර බැදුවද මෙම ප්‍රේමය වර්ධනය වන්නේ “දෙවියන්වහන්සේට අඛණ්ඩව සම්පූර්ණයෙන් භාර වීමෙන්” බව ඔහු දැන සිටියේය. කිං තවදුරටත් පැවසුවේ “අප මේ ආකාරයෙන් ප්‍රේම කරන විට අපි දෙවියන්වහන්සේව දැන ගෙන උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය අත්විඳිනු ඇත” කියාය.

කිං යේසුස්වහන්සේගේ කන්ද උඩ දේශනාව ගෙන හැර දක්වමින් “නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය” (මතෙව් 5:44-45) යනුවෙන් කී සේක. යේසුස්වහන්සේ එකල තිබූ සම්මත ප්‍රඥාව වන තම අසල්වැසියාට ප්‍රේම කර තම සතුරාට වෛර කිරීම යන්නට එරෙහිව කථා කළ සේක. ඒ වෙනුවට පියවූ දෙවියන් වහන්සේ ස්වකීය දරුවන්ට එරෙහි වන්නන්ට ප්‍රේම කිරීමට ශක්තිය ලබා දෙන සේක.

අපගේ සතුරන්ට ප්‍රේම කිරීම අපහසු යැයි හැඟෙනු ඇත. එසේ වූවත් අපි උපකාරය සඳහා දෙවියන්වහන්සේ දෙස බලන විට උන්වහන්සේ අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන සේක. මෙම රැඩිකල් පුරුද්ද වැළඳ ගැනීමට අවශ්‍ය දිරිය උන්වහන්සේ ලබා දෙන සේක. මක්නිසාදයත් “දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි” (19:26) යේසුස්වහන්සේ කී හෙයිනි.