සියල්ලන්ගේ ප්‍රේමය ඔහුට ලැබුණි. ඉතාලියේ කැස්නිගෝහි ගියුසෙප් බෙර්ඩෙලීව විස්තර කිරීමට යෙදුණේ මෙම වචනයි. ගියුසෙප් ප්‍රේමණීය මනුෂ්‍යයෙක් වූ අතර නිතරම පැරණි යතුරු පැදියකින් ගමන් කරමින් “සාමය සහ යහපත” යන සුභපැතුමෙන් සැමටම ආචාර කළේය. අන් අයගේ යහපත වෙනුවෙන් ඔහු වෙහෙස නොබලා වැඩ කළේය. නමුත් ඔහුගේ ජීවිතයේ අවසන් වසර වලදී කොරොනා වෛරසය අසාදනය වීම නිසා ඔහුගේ සෞඛ්‍ය ගැටළු උත්සන්න විය. එයට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ සමූහනයේ ජනතාව ඔහුට හුස්ම ගැනීම පහසු කරවන යන්ත්‍රයක් ලබා දුන්හ. නමුත් ඔහුගේ තත්ත්වය දරුණු වූ විට ඔහු එම යන්ත්‍රය ප්‍රතික්‍ෂේප කළේ එය අවශ්‍ය වූ තරුණ රෝගියෙකුට ලබා දෙන පිණිසය. ඔහු එය ප්‍රතික්‍ෂේප කිරීම කිසිවෙක්ව පුදුමයට පත් කළේ නැත. මක්නිසාදයත් බොහෝ දෙනෙක්ගේ ප්‍රේමය සහ අගය කිරීම ලැබූ ඔහුගේ චරිතයෙහිම අන් අයට ප්‍රේම කිරීම ගැබ්ව තිබූ හෙයිනි.

ප්‍රේම කිරීම වෙනුවෙන් ප්‍රේමය ලැබ. අපෝස්තලු යොහන් තම ශුභාරංචිය පුරාම දක්වන්නේ මෙම පණිවුඩයයි. ප්‍රේමය ලැබීම සහ අන් අයට ප්‍රේම කිරීම කාලගුණය ගැන නොතකා රෑ දාවල් දෙකේම රැව් දෙන දේවස්ථානයේ සීනුව මෙනි. යොහන් 15 හි එහි මුදුනතටම පැමිණෙන යොහන් පවසන්නේ සැමගෙන්ම ප්‍රේමය ලැබීම නොව සැමටම ප්‍රේම කිරීම එනම් “මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීම” (13 පදය) මහත් ප්‍රේමය බවයි.

යාගික ප්‍රේමයේ මානුෂීය උදාහරණ අපව ජ්වලිත කරන්නේය. නමුත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය ඉදිරියේ ඒවා මළානික වන්නේය. නමුත් යේසුස්වහන්සේගේ ආඥාව වන “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලා” (12 පදය) යන අභියෝගය මග නොහරින්න. එසේය. සැමටම ප්‍රේම කරන්න.