තවත් සෞඛ්‍ය පසුබෑමකින් පසුව මම නොදන්නා සහ පාලනය කළ නොහැකි දේ ගැන බිය වීමි. එක් දිනක් මම “ෆෝර්බ්ස්” සඟරාවේ කෘතියක් කියවමින් සිටිද්දී “පෘථිවියේ භ්‍රමණ වේගය” ගැනත් පෘථිවිය “වැනි වැනී” “අධික වේගයකින්” යන බවත් විද්‍යාඥයින් අධ්‍යයනය කරන බව දැන ගතිමි. ඔවුන් ප්‍රකාශ කළේ ගෝලීය වේලාවෙන් එක් තත්පරයක් නිල වශයෙන් වෙනස් කිරීම අවශ්‍ය බවයි. තත්පරය එතරම් අලාභයක් සිදු නොකළත් පෘථිවියේ භ්‍රමණය වෙනස් වීම විශාල දෙයක් ලෙස මට හැඟුණි. කුඩා චංචල වීමකට මගේ ඇදහිල්ල චංචල කළ හැකිය. කෙසේ වෙතත් අපි නොදන්නා දේවල් කෙතරම් බියකරු වූවත් සහ අපගේ තත්ත්වයන් කෙතරම් චංචල වූවත් දෙවියන්වහන්සේ පාලනයේ සිටින බව දැන ගැනීමම උන්වහන්සේව විශ්වාස කරන්න මට උපකාර කරන්නේය.

ගීතාවලිය 90 හි මෝසෙස් පැවසුවේ “කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන් සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය” (2 පදය) කියාය. දෙවියන්වහන්සේගේ අසීමිත බලයද පාලනය සහ අධිකාරිත්වයද පිළිගනිමින් දෙවියන්වහන්සේට බලහත්කාරකම් කිරීමට කාලයට නොහැකි බව ප්‍රකාශ කළේය (3-6 පද).

අපි දෙවියන්වහන්සේවත් උන්වහන්සේ මවා ඇති මනහර ලෝකයත් ගැන දැන ගැනීමට කටයුතු කරන විට උන්වහන්සේ කාලයත් උන්වහන්සේ මවා ඇති සියල්ලත් සම්පූර්ණ ලෙස පාලනය කරන ආකාරය ගැන සොයා ගන්නෙමු. අපගේ ජීවිතයේ නොදන්නා සහ අලුතින් සොයා ගන්නා ලද දේවල් ගැනද දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකිය. සියලු මැවිල්ල දෙවියන්වහන්සේගේ හස්තයේ ආරක්‍ෂිතව තිබේ.