හවුල් සේවිකාවක් වරක් මට පැවසුවේ අපගේ කළමණාකරු නිසා ඇයගේ යාච්ඤා ජීවිතය දියුණු වී ඇති බවයි. මම සතුටු වීමි. අපගේ අසීරු කළමණාකරු ඇය සමග ආත්මික වටිනාකමින් යුත් දෙයක් බෙදා ගත් හෙයින් එය ඇය යාච්ඤා කරන ආකාරයට බලපාන්න ඇත කියා සිතීමි. නමුත් එක්තරා ආකාරයකට මම වැරදිය. මගේ හවුල් සේවිකාව සහ මිතුරිය විස්තර කළේ : “ඔහුව දකින සෑම විටම මම යාච්ඤා කරන්න පටන් ගන්නෙමි” යනුවෙනි. ඇගේ යාච්ඤා කාලය වැඩිවී ඇත්තේ ඔහු සමග දෙබසකට පෙර ඇය යාච්ඤා කළ නිසාය.

ඇගේ කළමණාකරු සමග ඇගේ අභියෝගාත්මක සේවා සම්බන්ධතා වලදී ඇයට දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍ය බව ඇය දැන සිටි නිසා ඇය උන්වහන්සේට බොහෝ විට හඬ ගැසුවාය. අමාරු අවස්ථාවලදී සහ යමෙකු හමුවීමට පෙර යාච්ඤා කිරීමේ මගේ හවුල් සේවිකාවගේ යාච්ඤා පුරුද්ද මමද යොදා ගත්තෙමි. එය බයිබලීය පුරුද්දක් වනුයේ 1 තෙසලෝනික පොතෙහි යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට “නොකඩව යාච්ඤා කරපල්ලා…….සියල්ලේදී ස්තුති කරපල්ලා” (5:17-18) යනුවෙන් පාවුල් මතක් කර දෙන හෙයිනි. අප මුහුණ දෙන දෙය කුමක් වූවත් යාච්ඤාව සෑමවිටම හොඳම පුරුද්ද වේ. එය අපව දෙවියන්වහන්සේට සම්බන්ධ කර තබා අපගේ මනුෂ්‍යය නැඹුරුවීම් වලට නතු නොවී උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට අපට මග පෙන්වන ලෙසට ආරාධනා කිරීමක් වන්නේය (ගලාති 5:16). අපි ගැටුම්වලට මුහුණ දෙන විට පවා “තම තමුන් අතරේ සමාදානයෙන්” සිටීමට එය අපට උපකාර කරන්නේය (1 තෙසලෝනික 5:13).

දෙවියන්වහන්සේ අපට උපකාර කරන විට අපට උන්වහන්සේ තුළ ප්‍රීතිවන්නද සෑම දෙයක් ගැනම යාච්ඤා කරන්නද නිතරම ස්තුති කරන්නද හැකි වන්නේය. ඒ දේවල් යේසුස්වහන්සේ තුළ අපගේ සහෝදර සහෝදරියන් සමග වඩාත් සතුටින් ජීවත් වන්නට උපකාර වන්නේය.