එක්සත් ජනපදය ඉතිහාසයෙන් පිරී ඉතිරී යයි. ඔබ කොහේ ගියත් ඓතිහාසික චරිතවලට ගරුත්වය දෙන සමරු ඵලක සහ වැදගත් සිදුවීම් ස්මරණය කරන ස්මාරකද ඇත්තේය. නමුත් එක් ලාංජනයක් බි්‍රතාන්‍ය හාස්‍යය පිලිඹිබු කරන්නේය. එංගලන්තයේ සැන්ඞ්විච්හි හෝටලයක් ඉදිරිපිට සමරුවක ලියා තිබුණේ “1782 සැප්තැම්බර් 5 දින මෙම ස්ථානයේ කිසිවක් සිදු නොවුනි” කියාය.

සමහර විට අපගේ යාච්ඤා ගැනද කිසිවක් සිදු නොවන බව අපට හැඟේ. අපි යාච්ඤා කරන්නෙමු. යාච්ඤා කරන්නෙමු. අපගේ පියාණන් වහන්සේ දැන් අපට පිළිතුරු දේය කියා සිතා අපගේ කන්නලව් උන්වහන්සේ වෙත ගෙන එන්නෙමු. ගීතාවලිය රචක දාවිත් ඔහු යාච්ඤා කරද්දී එවැනි අසහනයක් ගෙන හැර දක්වයි : “ස්වාමිනී, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටින සේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවන සේක්ද?” (ගීතාවලිය 13:1). එම සිතුවිලිම පහසුවෙන් අපටද දෝංකාර දිය හැකිය. ස්වාමිනී, ඔබවහන්සේ ප්‍රතිචාර දක්වන්න පෙර කොපමණ කාලයක් යන්නේද?

කෙසේ වෙතත් අපගේ දෙවියන්වහන්සේ ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙනවා පමණක් නොව වෙලාවෙන්ද සම්පූර්ණ වන සේක. “එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාස කෙළෙමි. මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය” (5 පදය) කියා කීමට දාවිත්ට හැකි වුනි. දේශනාකාරයා 3:11 අපට මතක් කර දෙන්නේ “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ” කියාය. “සුදුසු ලෙස” යන්නෙහි අර්ථය වන්නේ “උචිත” හෝ “සතුටේ මූලාශ්‍රය යනුයි. අපි කැමති වෙලාවට අපගේ යාච්ඤාවන්ට දෙවියන්වහන්සේ ප්‍රතිචාර නොදක්වනවා විය හැකිය. නමුත් උන්වහන්සේ සෑම විටම උන්වහන්සේගේ ණැනවත් අරමුණු ක්‍රියාත්මක කරන සේක. උන්වහන්සේ පිළිතුරු දෙන විට එය නිවැරදි සහ යහපත් සහ අලංකාර වන බවට අපට සිතා ගත හැකිය.