විශාල නගරයක් අසළ වූ මගේ අලුත් පාසැලේ මගපෙන්වීම් උපදේශක මා දෙස වරක් බලා ඉංග්‍රීසි රචනා අඩුම මට්ටමේ පංතියකට මාව යොමු කළේය. මා පැමිණියේ නගර මධ්‍යයෙහි තිබූ පාසැලේ හොඳම ලකුණු, හොඳම ශ්‍රේණි මෙන්ම මගේ ලිවීම සඳහා විදුහල්පතිගේ සම්මානයක්ද සමගය. කෙසේ වෙතත් මගේ අලුත් පාසැලේ හොඳම ලිවීමේ පංතියේ දොර මා හට වැසී තිබුණේ මගේ උපදේශකයා මම සුදුසු නැත හෝ මම සුදානම් නැත හෝ කියා සිතූ බැවිනි.

පුරාණ පිලදෙල්පියාවේ සභාව නම් මෙම අත්තනෝමතික පරාජය තේරුම් ගන්නවා ඇත. කුඩා දුගී සභාවක් වන එහි නගරය මෑතකදී භූමිකම්පා නිසා ඇති වන හානි අත් දුටුවේය. එයට අමතරව එය සාතනික විරුද්ධතාවයන්ටද මුහුණ දුන්නේය (එළිදරව් 3:9). එවැනි නොසළකා හරින ලද සභාවකට උත්ථාන වූ යේසුස් වහන්සේ දුටු ලෙස “නුඹට ඇත්තේ සුලු බලයක්ය. නුඹ මාගේ වචන රක්‍ෂා කළෙහිය. මාගේ නාමය එපා කළේ නැත” (8 පදය). එසේ හෙයින් “කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක්” දෙවියන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි තැබූ සේක (8 පදය). ඇත්තෙන්ම “කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ” තැනන්වහන්සේ උන්වහන්සේය (7 පදය).

අපගේ සේවා උත්සාහයන් ගැනද එසේය. සමහර දොරවල් වැසෙන්නේ නැත. එක් උපදේශකයෙක්ගේ වැසුණු ආකල්පය වෙනුවට දෙවියන්වහන්සේ වෙනුවෙන් වූ මගේ ලිවීම ඇත්තෙන්ම ජාත්‍යන්තර පාඨකයන් වෙත යාමට ඉඩ හරිමින් දෙවියන්වහන්සේ දොරවල් විවර කළ සේක. වැසුණු දොරවල් ඔබටද බාධා කරන්නේ නැත.
“දොරකඩ නම් මමය” (යොහන් 10:9) කියා යේසුස්වහන්සේ කී සේක. අපි උන්වහන්සේ විවර කරන දොරවල් තුළින් ඇතුල් වී උන්වහන්සේ අනුව යමු.