රාජකීය පාවහන් වල ගමන් කිරීම කෙසේ වේවිද? වරාය සේවකයෙක්ගේ දියණියක් සහ හෙදියක් වන ඇන්ජලා කෙලී දශක දෙකක පමණ කාලයක සිට මිය ගිය එලිසබෙත් රැජිනගේ රාජකීය ජීවිතයේ නිල ඇඳුම් පළඳවන්නිය ලෙස කටයුතු කළාය. ඇයගේ එක් වගකීමක් වූයේ වයස්ගත රැජිනගේ පාවහන් හරි ගැස්සෙන පිණිස ඒවා පැළඳ ගෙන මාලිගා පරිශ්‍රයේ ඇවිදීමය. ඊට හේතුවක් තිබුණි. ඒ සමහර අවස්ථාවන් වල උත්සව වලදී වයස්ගත කාන්තාවන්ට සෑහෙන වේලාවක් සිට ගෙන සිටීමට සිදුවන හෙයින් වයස්ගත කාන්තාවන්ට දක්වන දයානුකම්පාවක් මෙනි. ඔවුන් දෙදෙනාම එකම ප්‍රමාණයේ පාවහන් පාවිච්චි කළ නිසා කෙලීට අපහසුතාවය අවම විය.

තම රැකවරණයේ සිටි එලිසබෙත් රැජිනට කෙලී දෙන පුද්ගලික ස්පර්ශය මට මතක් කරන්නේ කොලිස්සියේ (නූතන තුර්කියේ කොටසකි) සභාවට පාවුල් දුන් උණුසුම් දිරිමත් කිරීමයි. “යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන…” (කොලොස්සි 3:12). අපගේ ජීවිත යේසුස්වහන්සේ තුළ “ගොඩ නගන ලදුව” (2:7) තිබෙන විට අපි “දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත්තවුන්” (3:12) බවට පත් වන්නෙමු. උන්වහන්සේ අපගේ
“පරණ මනුෂ්‍යයා” අහක දමා “ඇලුත් මනුෂ්‍යයාව පැළඳ” ගන්නට උපකාර කරන සේක (9-10 පද). දෙවියන්වහන්සේ අපට ප්‍රේම කර සමාව දුන් හෙයින් අන් අයට ප්‍රේම කරන සහ සමාව දෙන අයගේ අනන්‍යතාවය සමග ජීවත් වීමට අපට පුළුවන (13-14 පද).

අප අවට සිටින සියල්ලන්ටම අවශ්‍ය වන්නේ අපි ඔවුන්ගේ පාවහන් වල හැසිරීමත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අභියෝගයන් ගැන ඔවුන්ට අනුකම්පා කිරීමත්ය. අපි එසේ කරන විට අප වෙනුවෙන් සෑම විටම දයානුකම්පාවෙන් සිටින යේසුස්වහන්සේ වන අපගේ රජුගේ පාවහන් වල අපි හැසිරෙන්නෙමු.