සොරෙන් සෝල්කර් වසර ගණනාවක් “ස්ටාර්ලින්” නැමැති වැහි ලිහිණියන්ව සහ අහස හරහා දිය පහරක් මෙන් පියාඹා යන සිය ගණන්, දහස් ගණන් වැහි ලිහිණියන්ගේ විශ්මිත දර්ශන ඡායාරූප ගත කළේය. මෙම විශ්මය බලා සිටීම අඳුරු විශාල තින්ත පහරක් මනහර විචිත්‍ර චිත්‍ර මෝස්තරයක් සාදන ආකාරය දෙස බලා සිටින්නාක් මෙනි. මෙම ස්ටාර්ලින් අත්දැකීම ඩෙන්මාර්කයේ හඳුන්වන්නේ කළු සූර්යා යනුවෙනි (සොල්කර්ගේ ඡායාරූප පොතෙහි නමද එය වන්නේය). ඉතා රමණීය වන්නේ ස්ටාර්ලින් පක්‍ෂීන් තම සමීප පක්‍ෂියා සහජයෙන් අනුගමනය කිරීම කරන අතර උන් ඒතරම් ලඟින් පියාඹන හෙයින් එක් පක්‍ෂියෙකුට සුළු වශයෙන් හෝ වැරදුනහොත් උන් විශාල ඛේදවාචකයකට පත් වෙති. කෙසේ වෙතත් මෙම එක්ව පියෑඹීම ස්ටාර්ලින් පක්‍ෂීන් භාවිතා කරන්නේ එකිනෙකාව ආරක්‍ෂා කර ගැනීමටය. උකුස්සෙක් බසින විට මෙම කුඩා පක්‍ෂීන් එකට ඇලී ගැලී සිටින්නේ ඔවුන් තනිව සිටියහොත් පහසුවෙන් ඔවුන්ව අල්ලා ගත හැකි සතුරාගේ ක්‍රමය පරාජය කරමිනි.

තනිව සිටිනවාට වඩා අපි දෙදෙනෙක් එකට සිටීම යහපති. “එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. ….. ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත……තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය” (4:9-11). තනිව අපි පහසු ගොදුරක් වන්නෙමු. අන් අයගේ සහනය හෝ ආරක්‍ෂාව හෝ නොමැතිව අපි අවදානමට ලක් වන්නෙමු.

නමුත් හවුල්කරුවන් සමග අපි උපකාරය දෙන්නෙමු. ලබන්නෙමු. “යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුලුවන. තුන්පට ලනුවක් ඉක්මණින් නොකැඩෙන්නේය” (12 පදය). දෙවියන් වහන්සේ මග පෙන්වන ලෙසට අපි එක්ව සිටීම යහපත්ය.