ඩිස්කවර් සඟරාවට අනුව මෙම විශ්වයේ 700,000,000,000,000,000,000 (7 ට පසුව බින්දු 20 ක්) ග්‍රහ ලෝක තිබුණත් පොළොව හා සමාන වූයේ එකක් පමණක් බව කියයි. තාරකා විද්‍යාඥ එරික් සැක්රික්සන් වරක් පැවසුවේ ග්‍රහලෝකයක පැවතීමට අවශ්‍ය වන්නේ උෂ්ණත්වය නිසියාකාරව ඇති සහ ජලය ඇති ගෝල්ඩිලොක්ස් කලාපයේ කක්‍ෂ ගත වී සිටීම බවයි. ඉහත දැක්වූ ග්‍රහලෝක ප්‍රමාණයෙන් නියම තත්ත්වයේ පවතින එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. සැක්රික්සන් අවසන් කළේ කෙසේ හෝ පෘථිවියට යම් වාසනාවන්ත අතක් ක්‍රියා කර ඇති බවයි.

පාවුල් කොලොස්සි ඇදහිලිවතුන්ට ස්ථිර කළේ විශ්වය පවතින්නේ වාසනාව නිසා නොව යේසුස්වහන්සේගේ ක්‍රියා නිසා බවයි. අපෝස්තලු පාවුල් ක්‍රිස්තුස්වහන්සේව පෙන්නුම් කරන්නේ ලෝකයේ මැවුම්කරුවාණන් ලෙසිනි.
“සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ” (කොලොස්සි 1:16). යේසුස් වහන්සේ ලෝකය මැවූ බලවත් මැවුම්කරුවාණන් පමණක් නොවේ. නමුත් පාවුල් කියන්නේ වැඩි උෂ්ණත්වයක් හෝ වැඩි සීතලක් හෝ නොමැති නමුත් මනුෂ්‍යය පැවැත්මට හරියන “සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය” (17 පදය) කියාය. යේසුස්වහන්සේ මැවූ දෙය උන්වහන්සේ තම සම්පූර්ණ ප්‍රඥාවෙන් සහ නොනවතින බලයෙන් නඩත්තු කරන සේක.

අපි පංගුකාරයන් වී මැවිල්ලේ අලංකාරය භුක්ති විඳින විට අපි එය වාසනාවේ හස්තය යයි කීමට තෝරා නොගනිමු. අප පෙන්විය යුත්තේ “මුළු පූර්ණකම” (19 පදය) උන්වහන්සේ තුළ ඇති අරමුණක් සහිත ස්වෛරී බලවත් සහ ප්‍රේමණීය දෙවියන්වහන්සේවය.