සල්ගේ මනසට නරක මතකයන් සහ චෝදනාත්මක පණිවුඩයන් ජලගැල්මක් ලෙස ගලා ආවේය. ඔහුගේ හදවත බියෙන්ද සම දහඩියෙන්ද වැසී ගිය හෙයින් නින්ද ඔහුව මග හැර ගියේය. ඒ ඔහුගේ බෞතිස්මයට පෙර දිනයයි. නපුරු සිතුවිලි වල ප්‍රහාරය ඔහුට නවතා ගත නොහැකි විය. සල් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලබා තිබුණද එසේම ඔහුගේ පාපවලට සමාව ලැබී ඇති බව දැන සිටියද ඔහුගේ ආත්මික සටන දිගටම පැවතුණි . ඒ වෙලාවේදී ඔහුගේ භාර්යයාව ඔහුගේ අත ගෙන ඔහු වෙනුවෙන් යාච්ඤා කළාය. මොහොතකින් සල්ගේ බිය දුරුවී ඒ වෙනුවට ඔහුගේ හදවත තුළ සාමය ඇති විය. ඔහු නැගිට ඔහුට මීට කලින් කරන්න බැරිව තිබූණු දෙය එනම් බෞතිස්මයට පෙර ඔහු බෙදාගන්නා වචන ලියන්න පටන් ගත්තේය. ඉන් පසුව ඔහු මිහිරි නින්දක් අත් වින්දේය.

අසහනකාරී රාත්‍රියක් කෙසේ වේදැයි දාවිත් රජුද දැන ගෙන සිටියේය. තම සිංහාසනය සොරකම් කිරීමට උත්සාහ කළ තම පුත්‍ර අබ්සලොම්ගෙන් පලා යමින් සිටි ඔහු (2 සාමුවෙල් 15-17) “මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟ” (ගීතාවලිය 3:6) ගැන දැන සිටියේය. “මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩි වූද” (1 පදය) කියා ඔහු මැසිවිලි නැගීය. බියට සහ සැකයට ජය ගැනීමට හැකියාව තිබුණත් ඔහු තම “පලිහ” වූ දෙවියන්වහන්සේට මොර ගැසුවේය (3 පදය). පසුව “මම වැදහෙව නිදා ගතිමි ….. මක්නිසාද ස්වාමින්වහන්සේ මා දරන සේක” (5 පදය) කියා ඔහු සොයා ගත්තේය.

බිය සහ පොරබැදීම් අපගේ මනස ග්‍රහණය කර ගෙන සිටින වීට සහ විවේකය වෙනුවට අසහනය පැමිණෙද්දී අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන විට අපට බලාපොරොත්තුව සම්බ වන්නේය. සල් සහ දාවිත් මෙන් අපි මිහිරි නින්ද ක්‍ෂණිකව අත් නොවින්දත් “(අපි) සමාදානයෙන් වැදහෙව නිදන්නෙමි…… ඔබ මා උදක්ම සුවසේ වාසය කරවන සේක” (4:8) කියා කිව හැකිය.