මා වැඩ කරන ස්ථානය අසළ පෙට්ටියක ගුලිවී රෝගී බළලා දින ගණනාවක් කෑ ගැසීය. ජුන් පැමිණෙන තුරු පාරේ දමා ගොස් සිටි බළලාව කිසිවෙක් ගණන් ගත්තේ නැත. පාර අතුගාන්නා අත් හැර දමා ගොස් සිටි බල්ලන් දෙදෙනෙක් සමග ජීවත් වූ නිවසට මෙම සතාවද ගෙන ගියේය.

“මම ඔවුන් ගැන සළකන්නේ මෙම සතුන්ව කිසි කෙනෙක් ගණන් නොගන්නා නිසාය. මම ඔවුන් තුළ මාව දකිමි. අනෙක් අතට පාර අතුගාන්නෙක්ව කවුරුත් ගණන් ගන්නේ නැත” කියා ජුන් කීවේය.

යේසුස්වහන්සේ යෙරුසලමට යන අතරමග යෙරිකෝවේදී අන්ධ මිනිසෙකු පාර අයිනේ සිඟමන් යදිමින් සිටියේය. ඔහුටද කිසිවෙක් තමාව ගණන් නොගන්නේය යන හැඟීම තිබුණේය. විශේෂයෙන්ම එදින එම ස්ථානයෙන් සෙනඟ ගමන් කරද්දී සහ ඔවුන්ගේ අවධානය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පමණක් යොමුවී තිබෙද්දී මෙම සිඟන්නාට උපකාර කිරීමට කිසිවෙක් නැවතුණේ නැත.

යේසුස්වහන්සේ හැර අන් කිසිවෙක් නැවතුණේ නැත . ඝෝෂාකාරී සෙනග මධ්‍යයේ උන්වහන්සේට මෙම අමතක වූ මිනිසාගේ හඬ ඇසුණි. “මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිද?” කියා ක්‍රිස්තුස් වහන්සේ ඇසූ සේක. “ස්වාමිනී මට පෙනීම ලැබේවයි” යන හදවතට දැනෙන ප්‍රතිචාරය උන්වහන්සේට ලැබුණි. “පෙනීම ලබාපන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි” යේසුස්වහන්සේ කී සේක (ලූක් 18:41-42).

අපට අවධානය නොලැබෙන්නේ යයි සමහර විට අපට හැඟී තිබේද? අපට වඩා වැදගත් අයගේ ශබ්දයෙන් ඔබගේ මොර ගැසීම යටපත් වී තිබෙන්නේද? ලෝකය අවධානය යොමු නොකරන අයවළුන් කෙරෙහි අපගේ ගැළවුම් කරුවාණන්ගේ අවධානය ලක් වන්නේය. උපකාරය සඳහා උන්වහන්සේට මොර ගසන්න. අන් අය අපව පසුකර ගියත් උන්වහන්සේ අප වෙනුවෙන් නවතින සේක..