“මාගේ ඇදහිල්ල කොහේද? ගැඹුරු ඇතුලාන්තයේ පවා හිස්කම සහ අඳුර මිස කිසිවක් නැත්තේය …… දෙවියන්වහන්සේ සිටී නම් මට සමාවන්න”.

එම වචනවල කර්තෘ ඔබව පුදුම කරනු ඇත. තෙරේසා මව්තුමියයි. ප්‍රේමණීය, සුප්‍රසිද්ධ, කල්කටාහී දුගීන්ට වෙහෙස නොබලා සේවය කළ ඉන්දියාවේ තෙරේසා මව්තුමිය දශක පහක් පමණ ඇගේ ඇදහිල්ල උදෙසා සටන් කළාය. 1997 ඇයගේ මරණින් පසුව ඇයගේ පොර බැදීම් කරලියට පැමිණියේ “පැමිණ මාගේ ආලෝකය වන්න” යන ඇයගේ දිනපොතේ සමහර කොටස් මුද්‍රණය වූ පසුවය.

දෙවියන්වහන්සේ නැතැයි කියා සිතෙන අපගේ සැක සහ හැඟීම් ගැන අපි කුමක් කරමුද? එවැනි මොහොතවල් සමහර අයට අන් අයට වඩා කරදර කළ හැකිය. නමුත් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසවන්ත බොහෝ ඇදහිලිවතුන්ට ඔවුන්ගේ ජීවිතවල එක් ලක්‍ෂයකදී එවැනි සැක සහිත කාලයන් අත්දැකීමට සිදුවිය හැකිය. ඇදහිල්ල සහ අවිශ්වාසය ඉස්මතු කරන අලංකාර සහ තේරුම් ගැනීමට අපහසු යාච්ඤාවක් දේව වචනයේ දී ඇති නිසා ස්තුතිවන්ත වෙමි. මාර්ක් 9 හි ළදරු කාලයේ සිටම යක්‍ෂ ආත්මයක් පීඩා කරන දරුවෙක්ගේ පියෙක් යේසුස්වහන්සේට මුණ ගැසුණි (21 පදය). මනුෂ්‍යයාට ඇදහිල්ල තිබිය යුතු බව යේසුස්වහන්සේ කී විට (“විශ්වාස කරන්නාට සියල්ල පුළුවනැයි කී සේක-23 පදය) මනුෂ්‍යයා ප්‍රතිචාර දැක්වූයේ “මම විශ්වාස කරමි. මගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනව” (24 පදය) කියාය.

මෙම අවංක හදවතට දැනෙන ආයාචනය සැකයෙන් පොර බදන අපට එය දෙවියන්වහන්සේට භාර දෙන්න කියා ඇරයුම් කරන්නේය. මන්දයත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටද අප ගමන් කරන කුමන හෝ ගැඹුරු අඳුරු මිටියාවත් වලදී වූවත් අපව තදින් අල්ලා ගෙන සිටීමටද උන්වහන්සේට හැකි හෙයිනි.