සමනලුන් ශබ්දයක් ඇති කරන මැවිල්ලක් ලෙස අපි සාමාන්‍යයෙන් නොසිතන්නෙමු. අනෙක් අතට රජ සමනලයෙකුගේ පියාපත් ගැසීම ශබ්දයක් නැති තරම්ය. නමුත් මැක්සිකානු වැසි වනාන්තරවල ඔවුන් කෙටි ජීවිත ගත කළද එකතු වී කරන තටු ගැසීම පුදුමාකාර ලෙස විශාල හඬක් නිකුත් කරයි. මිලියන ගණනක් රජ සමනලුන් එකම වෙලාවේදී තටු ගසන කල එය ගලන දිය ඇල්ලක ශබ්දය මෙනි.

එසකියෙල්ගේ දර්ශනයේ විවිධ තටු ඇති ප්‍රාණින් සතර දෙනෙක් විස්තර කරන්නේද ඒ ආකාරයෙනි. සමනලුන්ට වඩා බොහෝ අඩු වුවද ඔවුන්ගේ තටු ගැසීම “බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය” (එසකියෙල් 1:24) හා සමාන බව දක්වයි. ඔවුන් නිසලව සිට තම තටු පහත් කළ විට “මාගේ (දෙවියන්වහන්සේගේ) වචන ඔවුන්ට (ඉශ්‍රායෙල්වරුන්ට) කියාපන්න” (2:7) යනුවෙන් දෙවියන්වහන්සේ ඔහුට කථා කරන හඬ එසකියෙල්ට ඇසුණි.

පරණ ගිවිසුමේ අනෙකුත් අනාගතවක්තෘන් මෙන් එසකියෙල්ටද නියම වී තිබූ කටයුත්ත වූයේ දෙවියන්වහන්සේගේ සෙනගට සත්‍යය කථා කිරීමයි. අද දෙවියන්වහන්සේ අප සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ජීවිත වල උන්වහන්සේගේ යහපත් ක්‍රියාවන් අප අවට සිටින සියල්ලන් හා බෙදා ගන්නා ලෙසටයි (1 පේත්‍රැස් 3:15).

සමහර විට සෘජු ප්‍රශ්නයක් අපගෙන් අසන සේක. එනම් දිය ඇල්ලක් මෙන් විශාල ශබ්දයක් වූ ඇරයුමක් විය හැකිය. එසේත් නැත්නම් ප්‍රකාශ නොකළ අවශ්‍යතාවයක් දැකීම වැනි වූ කෙඳිරීමක් බඳු ඇරයුමක් විය හැකිය. සමනලුන් මිලියනකගේ ශබ්දය බඳුවූ ශබ්දයක් හෝ එක් සමනලයෙක්ගේ බඳුවූ නිසල බවක් හෝ වේවා එසකියෙල් කළාක් මෙන් දෙවියන්වහන්සේ අපට කියන්නේ කුමක්දැයි ඇසීමට යොමු වූ කන් වලින් අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගැනීමේ ඇරයුමට සවන් දිය යුතු වන්නෙමු.