සුළි කුණාටුවක් බටහිර එක්සත් ජනපදයේ මගේ ප්‍රාන්තය හරහා හමා ගිය විට ඉන් ආරක්‍ෂා වීමට මගේ පවුලේ අය සමග සිටීමට මගේ වැන්දඹු මව එකඟ වූවාය. කුණාටුවට පසුව ඇය නැවතත් ඇගේ නිවසට නොගියාය. ඇයගේ ජීවිතයේ ඉතිරි කාලයද ඇය අප සමගම සිටියාය. ඇයගේ සිටීම බොහෝ ධනාත්මක ආකාරයෙන් අපගේ නිවස වෙනස් කළේය. දෛනික ප්‍රඥාව ලබා දීමටද පවුලේ සාමාජිකයන්ට අනුශාසනා කිරීමටද පාරම්පරික කථා පැවසීමටද ඇය සුදානම්ව සිටියාය. සමාන වූ හාස්‍යයන්ද ක්‍රීඩාවන්ට ඇති ප්‍රේමයද බෙදා ගනිමින් ඇයත් මගේ ස්වාමි පුරුෂයාත් හොඳම මිතුරන් බවට පත්වූහ. තවදුරටත් ඇය අමුත්තියක් නොවූවාය. ඇය ස්ථිර සහ දෙවියන්වහන්සේ ඇයව කැඳවා ගත් පසුවද ඇය අපගේ හදවත් නිතරම වෙනස් කරමින් අත්‍යවශ්‍ය නිවැසියෙක් වූවාය.

එම අත්දැකීම “අප අතරෙහි වාසය කරන සේක” (යොහන් 1:14) යනුවෙන් යේසුස්වහන්සේ ගැන වූ යොහන්ගේ විස්තරය මතකයට ගෙන එන්නේය. එය තදබල විස්තරයකි. මුල් ග්‍රීක් භාෂාවෙන් එහි අර්ථය වන්නේ “කුඩාරමක් ගසා ගැනීමයි”. තවත් පරිවර්තනයක සඳහන් වන්නේ “උන්වහන්සේ තමන්වහන්සේගේ නිවස අප අතරෙහි සාදා ගත් සේක” කියාය.

ඇදහිල්ලෙන් අපත් අපගේ හදවතේ සිටින තැනන්වහන්සේ ලෙසට යේසුස්වහන්සේව පිළිගනිමු. පාවුල් ලියා ඇති ආකාරයට “උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත් ඇදහිල්ල කරණකොට ගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට…… උන්වහන්සේගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤා කරමි” (එපීස 3:16-19).

සාමාන්‍ය අමුත්තෙක් නොවේ. යේසුස්වහන්සේ උන්වහන්සේ අනුව යන සෑම දෙනෙක්වම බලගන්වන ස්ථිර නිවැසියෙක් වන සේක. අපි අපගේ දොරවල් පුළුල්ව විවර කර අපගේ හදවත්වලට උන්වහන්සේව පිළිගනිමු.