1945 මාර්තු මාසයේදී රයින් ගඟ තරණය කිරීමට එක්සත් ජනපද හමුදාවට “හොල්මන් හමුදාව” උපකාර කළ හෙයින් දෙවන ලෝක මහා යුද්ධයේදී බටහිර ඉදිරිපස කොටසෙහි ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලස්ථානයක් මිත්‍රත්ව හමුදාවට ලැබුණි. සොල්දාදුවන් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයෝ වූහ. අවතාර නොවූහ. සියල්ලෝම 23 වන මූලස්ථානයේ විශේෂ බලඇණියේ කොටසක් වූහ. මේ අවස්ථාවේදී 1,100ක් වූ පිරිමි භට කණ්ඩායම මනුෂ්‍යයන් 30,000 ක් ලෙස පෙනී සිටියේ හුළං පිරවූ උගුල් සහිත ටැංකිද රථවල ශබ්ද සහිත ශබ්ද විකාශන යන්ත්‍රද තවත් බොහෝ දේද යොදා ගනිමිනි. කුඩා සංඛ්‍යාවක් වූ හොල්මන් හමුදාව ඉතා විශාල බලයකින් යුත් හමුදාවක් ලෙස පෙන්නුම් කරමින් සතුරන් බියට පත් කළහ.

මීදියන්වරු සහ මිත්‍ර පාක්‍ෂිකයන්ද රාත්‍රියේදී විශාලව පෙණුනු කුඩා හමුදාවකට බියවී වෙවුලුවෝය (විනිශ්චයකාරයන්ගේ පොත 7:8-22). විනිශ්චයකාරයෙකු සහ හමුදා නායකයෙක් වූ ගිඩියොන් සහ ඔහුගේ ඉතා කුඩා හමුදාව දෙවියන්වහන්සේ විසින් සතුරාට භීතිය ගෙන දුන් මූලාශ්‍රයක් ලෙස භාවිතා කළ සේක. ඔවුහුද ශබ්ද බලය භාවිතා කරමින් (හොරණෑ පිඹ මැටි මුට්ටි බිඳ මනුෂ්‍ය හඬවල් යොදා ගනිමින්) සහ පෙනෙන ද්‍රව්‍ය (දැල්වෙන පන්දම්) යොදා ගනිමින් “ගණනින් පළඟැටියන් මෙන් …. පැතිර සිටි” (12 පදය) මහත් හමුදාවට විශ්වාස කිරීමට ඉඩ හැරියේ ඔවුන් ඉතා විශාල සතුරෙකුට මුහුණ දෙන බවයි. ඉශ්‍රායෙල්වරු තම සතුරාව එදින රාත්‍රියේ පරාජය කළේ දෙවියන්වහන්සේගේ නියෝගය පරිදි 32,000 ක මනුෂ්‍යයන් 300 කට අඩු කරන ලද හමුදාවක උපකාරයෙනි (2-8 පද). කුමක් නිසාද? ඇත්තෙන්ම සටන දිනුවේ කව්දැයි එයින් පැහැදිළි වන්නේ
“මක්නිසාද මම එය නුඹ අතට පාවා දුනිමි” කියා දෙවියන්වහන්සේ ගිඩියොන්ට පැවසූ හෙයිනි (9 පදය).

අප දුර්වල යයිද අපට නොහැකි යයිද කියා සිතෙන විට දෙවියන්වහන්සේව සොයා උන්වහන්සේගේ ශක්තිය මත පමණක් රැඳෙමු. මක්නිසාදයත් “දුර්වලකමේදී (උන්වහන්සේගේ) මාගේ බලය සම්පූර්ණ වන” හෙයිනි (2 කොරින්ති 12:9).