සාමාන්‍යයෙන් ඔහු මුදල් රැගෙන නොගියද නිවසින් පිටවීමටට පෙර ඩොලර් පහක් තම සාක්කුවේ දමා ගැනීමට දෙවියන්වහන්සේ ඔහුට මග පෙන්වන බව පැටි්‍රක්ට හැඟුණි. ඔහු සේවය කරන පාසැලේ කෑම වෙලාවේදී අත්‍යවශ්‍ය සේවයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුව සුදානම් කරන බව ඔහුට වැටහුණි. ආපනශාලාවේ කඩිමුඩිය මධ්‍යයේ ඔහුට මෙම වචන ඇසුණේය. “ඊළඟ සතිය පුරාවටම දිවා ආහාරය ලබා ගැනීම සඳහා ස්කොටීගේ (අවශ්‍යතාවයක් ඇති දරුවෙක්) ගිණුමට ඩොලර් 5 ක් දැමිය යුතුයි”. ස්කොටීට මුදල් දෙන විට පැටි්‍රක් අත්විඳි හැඟීම් ගැන කල්පනා කර බලන්න.

තීතස් පොතෙහි පාවුල් මතක් කර දෙන්නේ යේසුස්වහන්රසේ තුළ ඇදහිලිවතුන් ගැළවීම ලබා ඇත්තේ “(ඔවුන්) විසින්ම කළාවූ ධර්මිෂ්ඨ ක්‍රියාවලින්” නොවූවත් (3:5) “යහපත් වැඩ වල යෙදී සිටින්ට” (14 පදය) සූදානම් විය යුතු බවය. ජීවිතය වැඩවලින් පිරී අධික ලෙස අවිවේකීව කාර්ය බහුල විය හැකිය. අපගේම සුභ සිද්ධිය සළසා ගැනීම මහත් විය හැකිය. එසේ වූවත් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙසට අප යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටිය යුතු වන්නෙමු. අපට නැති සහ කළ නොහැකි දේවල් ගැන නොකැළඹී දෙවියන්වහන්සේ අපට උපකාර කරන ලෙසට අපට ඇති සහ කළ හැකි දේවල් ගැන සිතමු. එසේ කිරීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා අවස්ථාවලදී අපට ඔවුන්ට උපකාර කළ හැකිය. එයින් දෙවියන්වහන්සේ ගෞරවය ලබන්නේය. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:16).