2019 තිරගත වූ “කුඩා ස්ත්‍රීන්” නම්වූ විශිෂ්ඨ චිත්‍රපටිය මාව ගෙන ගියේ මා සතුවූ එම නවකථාවේ ගෙවී ගිය පිටපත වෙතටයි. විශේෂයෙන් එහි මාර්මී නම්වූ ණැනවත් සහ මෘදු මවගේ සැනසිලිදායක වදන් වෙතටයි. ඇගේ දියණියන් දිරිගැන්වීම සඳහා වූ ඇගේ දිරිමත් වචන වලින් කෙරෙන ඇයගේ ස්ථිර ඇදහිල්ල කෙරෙහි මම ඇදී ගියෙමි. මාගේ සිත් ගත් එකක් වූයේ “කරදර සහ පරීක්‍ෂාවන් බොහෝ විය හැකිය. නමුත් ඔබගේ ස්වර්ගීය පියාණන්ගේ ශක්තිය සහ මෘදුකම දැන ගැනීමට ඔබ ඉගෙන ගන්නේ නම් ඔබට ඒ සියල්ලම පරාජය කර ජීවත් විය හැකිය” යන්නයි.

මාර්මීගේ වචන හිතෝපදේශ පොතෙහි හමුවන සත්‍යය දෝංකාර කරවයි. “ස්වාමීන්වහන්සේගේ නාමය බල කොටුවක්ය. ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්‍ෂිත වෙයි” (18:10). අන්තරාදායක කාල වලදී සමහර විට සතුරු ප්‍රහාරයන්ගෙන් ආරක්‍ෂාව ලබා ගැනීමට පුරාණ නගරවල කුළුණු ඉදිකරන ලදී. ඒ ආකාරයටම “අපගේ සරණ සහ ශක්තිය” (ගීතාවලිය 46:1) වන තැනන්වහන්සේ වූ දෙවියන්වහන්සේ වෙතට දිව යෑමෙන් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට සමාදානය අත්විඳිය හැකිය.

හිතෝපදේශ 18:10 අපට කියා සිටින්නේ දෙවියන්වහන්සේගේ “නාමය” අපට ආරක්‍ෂාව ගෙන දෙන බවයි. එයින් උන්වහන්සේ කව්ද යන්න සම්පූර්ණයෙන්ම විස්තර වන්නේය. දේව වචනය දෙවියන්වහන්සේව විස්තර කරන්නේ
“…… උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස්වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනක්ය” (නික්මයාම 34:6) කියාය. දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව පැමිණෙන්නේ උන්වහන්සේ බලවත් ශක්තියෙන් මෙන්ම වේදනා විඳින්නන්ට සහනය සැළැස්වීමට උන්වහන්සේට හේතුවන උන්වහන්සේගේ මෘදුකම සහ ප්‍රේමය නිසාවෙනි. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන්වහන්සේගේ ශක්තියෙන් සහ මෘදුකමෙන් පොර බදින සෑම කෙනෙකුටම ආරක්‍ෂිත ස්ථානයක් සපයන සේක.