ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නගර ශාලාව ලොව මනහර ව්‍යාපෘතියකි. සුදු වර්ණ පඩි පෙළෙහි කිරි ගරුඬ ගෙන ඇත්තේ මයිකල් ආන්ජලෝ දාවිත් මූර්තියට ගන්නා ලද ආකාරයෙන්මය. කුළුණු පෙන්නුම් කළේ වෙනිසීයේ ශුද්ධවූ මාර්ක් බැසිලිකාවය. පිත්තල ගෝලාකාර මුදුන දකුණු අර්ධගෝලයේ ඇති විශාලතම මුදුන වූයේය. මුදුනෙහි විශාල සාමයේ දේවදූතයෙක් සෑදීමට ගොඩනගන්නන් අරමුණු කළත් ගැටළුවක් මතු විය. මුදල් තිබුණේ නැත. ෆ්‍රෙඩ් ජොන්සන් නම් ජල නල කාර්මිකයා උපකාරයට පැමිණියේය. ඔහු වැසිකිළි ටැංකියක් පැරණි විදුලි කණුවක් සහ ඉවත දමන ලද යකඩ අබිලි කැබලි භාවිතා කර වසර සියයකට ආසන්න කාලයක් පැවතී කුළුණේ මුදුන සෑදීය.

ෆ්‍රෙඩ් ජොන්සන් ඔහු අත තිබූ දේ භාවිතා කළාක් මෙන් අපටද අප අතෙහි ඇති ඕනෑම දෙයක් එනම් විශාල හෝ කුඩා දෙයක් භාවිතා කරමින් දෙවියන්වහන්සේගේ වැඩයට එකතු විය හැකිය. ඉශ්‍රායෙල් සෙනගව මිසරයෙන් පිටතට ගෙන යන්න යයි දෙවියන්වහන්සේ කී විට මෝසෙස් එය වළකමින් “ඔවුන් …. මාගේ හඬට ඇහුම් කන් නොදී…” (නික්මයාම 4:1) යනුවෙන් කීවේය. දෙවියන්වහන්සේ පිළිතුරු දුන්නේ සරල ප්‍රශ්නයකිනි. “නුඹේ අතේ තිබෙන්නේ මොකක්ද?”(2 පදය). මෝසෙස් සැරයටියක් සාමාන්‍ය කෝටුවක් පෙන්වීය. උන්වහන්සේ “ඒක බිම හෙළාපන්න” යයි කී සේක. එවිට “ඒක සර්පයෙක් විය” (63 පදය). ඉන්පසුව දෙවියන්වහන්සේ මෝසෙස්ට අණ කළේ සර්පයාව අල්ලා ගන්නා ලෙසටයි. සර්පයා නැවතත් සැරයටිය බවට පත් විය. දෙවියන්වහන්සේ විස්තර කළ පරිදි මෝසෙස් කළ යුතු වූ දෙය වූයේ සැරයටිය රැගෙන යමින් උන්වහන්සේ ඉතිරිය කරනවා ඇතැයි විශ්වාස කිරීම පමණි. ඇත්තෙන්ම ඊජීප්තුවරුන්ගෙන් ඉශ්‍රායලය ගළවා ගැනීමට දෙවියන්වහන්සේ මෝසෙස්ගේ අතෙහි තිබූ සැරයටිය භාවිතා කළ සේක (7:10-12; 17:5-7).

වැඩි දෙයක් නොවේ යයි අපට නොපෙනෙන දේවල් වූවත් දෙවියන්වහන්සේ සමග අපට ඇති දේ හොඳටම ප්‍රමාණවත්ය. උන්වහන්සේ අපගේ සාමාන්‍ය මූලාශ්‍රයන් රැගෙන ඒවා උන්වහන්සේගේ වැඩ සඳහා භාවිතා කරන සේක.