පළමුවරට අපගේ අසල්වැසි හෙන්රිව අපට මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු ලඟ තිබූ මල්ලකින් ඔහු බොහෝ සෙයින් ගෙවී ගොස් තිබුණු බයිබලයක් පිටතට ගත්තේය. දීප්තිමත් ඇස් වලින් යුතුව අපි දේව වචනය සාකච්ඡා කිරීමට කැමතිදැයි ඔහු අපගෙන් ඇසුවේය. අපි හිස වනා ප්‍රතිචාර දැක්වූ පසුව ඔහු ඉරිගසා ඉස්මතු කර තිබූ සමහර ඡේදයන්ට පොත පෙරළුවේය. ඔහුගේ නිරීක්‍ෂණයන්ගෙන් පිරී තිබුණු සටහන් පොතක් ඔහු පෙන්වූ අතර වෙනත් අදාල විස්තරයන්ගෙන් යුත් පරිගණක සටහනක්ද ඔහු සකසා ඇති බව ඔහු අපට පැවසුවේය.

තමා අසීරු පවුල් පසුබිමකින් පැවතෙන බවත් තනිවී අන්තිම අඩියට පත් වූ පසුව තම ඇදහිල්ලේ පදනම ලෙසට යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම පිළිගත් බවත් හෙන්රි දිගටම කියා ගෙන ගියේය (ක්‍රියා 4:12). බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න ආත්මයාණන්වහන්සේ ඔහුට උපකාර කළ නිසා ඔහුගේ ජීවිතය වෙනස් වුනි. වසර ගණනාවකට පෙර හෙන්රි තම ජීවිතය දෙවියන්වහන්සේට කැප කර තිබුණත් ඔහුගේ ජ්වලිතකම නැවුම් විය. බලවත් විය.

හෙන්රිගේ ජ්වලිත කම මාව දිරිමත් කළේ වසර ගණනාවක් යේසුස්වහන්සේ සමග ගමන් කළ කෙනෙක් ලෙසට මගේ ආත්මික ගමන පරීක්‍ෂා කර බැලීමටය. අපෝස්තලු පාවුල් මෙසේ ලිවීය : “උත්සාහවන්ත කමේදී මැළි නොවෙල්ලා. ආත්මයෙන් ජ්වලිත වෙයල්ලා. ස්වාමීන්වහන්සේට සේවය කරපල්ලා” (රෝම 12:11). යේසුස් වහන්සේට මට කළ හැකි සියල්ල ගැනම දිගටම ස්තුතිවන්ත වීමේ ආකල්පය වැනි දේවල් පෝෂණය කිරීමට දේව වචනයට ඉඩ නොදෙන්නේ නම් එය ඉතා දීර්ඝ ක්‍රමයක් යයි සිතෙනු ඇත.

අපි ජීවිතයේ අත් දකින ආත්මික ඉහළ යාම් සහ පහළයාම් මෙන් නොව ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජ්වලිතය පැමිණෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් සැමදා ව්‍යාප්ත වන සම්බන්ධතාවයකිනි. අපි උන්වහන්සේ ගැන වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා විට උන්වහන්සේගේ අගයද වැඩිවන්නේය. එසේම උන්වහන්සේගේ යහපත්කමද වැඩි වැඩියෙන් අපගේ ආත්මවල උතුරා ලෝකය වෙතට ගලා යන්නේය.