නිවාස අයිතිකරුවෙක්ට ඩොලර් දහසක් වටිනා විශාල ඉස්සන්, ෂවර්මා, සලාද සහ තවත් බොහෝ ආහාර වර්ග ලැබෙන්න සළස්වන ලදී. නමුත් ඒ මනුෂ්‍යයාට එදින උත්සවයක් නොතිබුණි. කෙසේ වෙතත් ඔහු කිසිවක් ඇණවුම් කර තිබුණේද නැත. කර තිබුණේ ඔහුගේ සය හැවිරිදි පුත්‍රයාය. මෙය සිදු වූයේ කෙසේද? නින්දට පෙර දරුවාට සෙල්ලම් කිරීම සඳහා පියා විසින් ඔහුගේ ජංගම දූරකථනය පුත්‍රයාට ලබා දී තිබූ අතර දරුවා මෙම මිළ අධික කෑම වර්ග බොහෝ ආපනශාලා වලින් ඇණවුම් කර තිබුණි. “ඔබ මෙසේ කළේ ඇයි?” කියා ඇඳ යට සැඟවී සිටි දරුවාගෙන් පියා ඇසීය. “මට බඩගිනි වුනා” යනුවෙන් සය හැවිරිදි පුතා පිළිතුරු දුන්නේය. දරුවාගේ බඩගින්න සහ නොමේරු කම අධික වියදමකට හේතු විය.

ඒසව්ගේ බඩගින්නද ඩොලර් දහසකට වඩා විශාල දෙයක් ඔහුට අහිමි කළේය. උත්පත්ති 25 කථාවේ ඔහු ක්ලාන්ත වී ආහාර අවශ්‍යතාවයකින් පෙළෙනවා අපි දකින්නෙමු. ඔහු තම සහෝදරයාට කීවේ “මම ක්ලාන්තව සිටිමි. ………. කෑමෙන් ටිකක් මට දියන්නැයි” යනුවෙනි (30 පදය). යාකොබ් ප්‍රතිචාර දැක්වූයේ ඒසව්ගේ කුලුඳුල්කම ඉල්ලා සිටිමිනි (31 පදය). පළමු පුත්‍රයා ලෙසට ඒසව්ට හිමි විශේෂ ස්ථානයද දෙවියන්වහන්සේගේ පොරොන්දුවල ආශිර්වාදද උරුමයෙන් දෙගුණයක්ද පවුලේ ආත්මික නායකයා වීමේ වරප්‍රසාදයද කුලුඳුල්කමට ඇතුළත් වන්නේය. තම බඩගින්නට යටවී ඒසව් “ කා බී ….. තමාගේ කුලුඳුල්කම සුළු කළේය” (34 පදය).

අපි පරීක්‍ෂාවටට වැටී යමකට ආශා කරන විට අපගේ ආශාවන් අපව දරුණු වැරදි සහ පාපවලට යොමු කිරීමට ඉඩ නොහැර අපගේ බඩගිනි ආත්මය “යහපතින්” (ගීතාවලිය 107:9) තෘප්තිමත් කළ හැකි එකම තැනන්වහන්සේ වන ස්වර්ගීය පියාණන්වහන්සේ වෙතට ළඟා වෙමු.