1701 දී එංගලන්ත සභාව ලෝකය පුරා මිෂනාරිවරුන් යවන පිණිස ශුභාරංචිය පැතිරවීමේ සංගමය පිහිටුවීය. එහි ආදර්ශ පාඨය ලතින් බසින් “ට්‍රාන්සියෙන්ස් අඩිවුවා නොස්” එනම් “මෙහි ඇවිත් අපට උපකාර කරන්න” යන්නයි. පළමු සියවසේ පටන් ශුභාරංචියේ තානාපතිවරුන් වශයෙන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් විසින් ලෝකයට අත්‍යවශ්‍යව ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ සහ සමාවේ පණිවුඩය ගෙන යද්දී තෝරා ගනු ලැබුවේ මෙම ආදර්ශ පාඨයය.

“මෙහි අවුත් අපට උපකාර කරන්න” යන වැකිකඩ පැමිණෙන්නේ ක්‍රියා 16 හි විස්තර කර ඇති “මකිදෝනි කැඳවීමෙනි”. පාවුල් සහ ඔහුගේ කණ්ඩායම සුළු ආසියාවේ බටහිර වෙරළෙහි තිබුණු ත්‍රෝවසට (වර්තමාන තුර්කිය, 8 පදය) පැමිණ සිටියහ. එහිදී “පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය. එනම් මකිදෝනියට ඇවිත් අපට උපකාර කරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය” (9 පදය). දර්ශනය ලැබීමෙන් පසුව පාවුල් සහ ඔහුගේ සගයන් “එකෙණෙහිම මකිදෝනියට යන්ට…” සුදානම් වූහ (10 පදය). කැඳවීමේ අත්‍යවශ්‍ය වැදගත්කම ඔවුන්ට තේරුම් ගියේය.

සෑම කෙනෙක්ටම සාගර තරණය කිරීමට කැඳවීමක් නොලැබෙන්නේය. නමුත් අපගේ යාච්ඤාවන්ගෙන් සහ මුදල් වලින් අපට ඔවුන්ට උපකාර කළ හැකිය. එසේම අප සියලු දෙනාට කාමරයේදී, වීථියේදී හෝ සමාජයේදී කාට හෝ යේසුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කළ හැකිය. සියල්ලටම වඩා මහත් උපකාරය වන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන් සමාව ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම පිණිස අපගේ යහපත් දෙවියන්වහන්සේ අපට තරණය කර යාමට හැකියාව ලබා දෙන ලෙසට යාච්ඤා කිරීමය.