එකිනෙකා වෙනුවෙන් යාච්ඤාකරමින් සහ එකිනෙකාගේ පොත් ගැන වචනය ව්‍යාප්ත කරමින් සිටි කිතුනු ළමා පොත් කතුවරයන් කණ්ඩායමක් හා මම එක්වූ විට සමහරුන් පැවසුවේ “තරඟකරුවන් සමග වැඩ කිරීම මෝඩ කමක් බවයි”. නමුත් අපගේ කණ්ඩායම රාජ්‍යය මනසක් ඇති නායකත්වයට කැපවී සිටියේ තරඟයට නොව ශුභාරංචිය ප්‍රචාරය කිරීමටය. අපි එකම ඉලක්කයක සිටියෙමු. ඒ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමයි. අපි එකම රජු වූ යේසුස්වහන්සේට සේවය කළෙමු. අපි එක්ව ක්‍රිස්තුස්වහන්සේගේ සාක්‍ෂිකරුවන් වශයෙන් වැඩි පිරිසකට ළඟා වන්නෙමු.

නායකත්ව අත්දැකීම් ඇති වැඩිමහල්ලන් සැත්තෑවක් තෝරා ගන්න යයි දෙවියන්වහන්සේ මෝසෙස්ට කී විට උන්වහන්සේ මෙසේ කී සේක : “නුඹ තනියම සෙනගගේ බර නූසුලා ඔවුන් නුඹ සමග එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි” (ගණන් කථාව 11:16-17). පසුව වැඩිමහල්ලන් දෙදෙනෙකු අනාවැකි කියනවා දැක ඔවුන් නවත්වන්නයැයි යෝෂුවා මෝසෙස්ට කීවේය. මෝසෙස්ද “නුඹ මා නිසා ඊර්ෂ්‍යයා වෙනවාද? ස්වාමීන්වහන්සේගේ සියලු සෙනග ප්‍රොපේතවරුන් වන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය” (29 පදය).

අන් අය සමග වැඩ කිරීමට තරඟය හෝ සන්සන්දනය අපට බාධා කරන විට එම පරීක්‍ෂාව ඉවත දැමීමට ශුද්ධාත්මයාණන්වහන්සේට අපට උපකාර කළ හැකිය. අප තුළ රාජ්‍යය මනසකින් යුත් නායකත්වයක් ගොඩනගන්න කියා අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලන විට උන්වහන්සේ ලොව පුරා ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට එක්ව අපි උන්වහන්සේට සේවය කරන කල අපගේ බර පවා සැහැල්ලු කරනවා ඇත.