සිංගප්පූරුවේ කම්කරු අමාත්‍යාංශය 2022 දී දැනුම් දුන්නේ සියලුම විදේශ ගෘහ සේවකයින්ට මසකට වරක් එක් දිනක නිවාඩුවක් ලබා දිය යුතු බවත් ඒ දිනය වෙනුවෙන් මුදල් ගෙවීමක් කර හිලවූ කළ නොහැකි බවත්ය. කෙසේ වෙතත් සේවායෝජකයින් කල්පනා කළේ ඒ දිනයන්හී තම ප්‍රියයන් රැක බලා ගැනීමට කෙනෙක් නැති වන බවයි. ඒ දිනවල තම ප්‍රියයන් බලා ගැනීම සඳහා විකල්ප ක්‍රමයක් යොදා ගත හැකි වුවද නිවාඩුවක් සඳහා වන අවශ්‍යතාවය ගැන ඔවුන්ගේ ආකල්පය විසඳීම ලේසි පහසු නොවීය.

අන් අයට හොඳින් සැළකීම අලුත් කාරණයක් නොවේ. අපෝස්තලු පාවුල් ජීවත් වූ කාලයේ සේවකයින් ස්වාමිවරුන්ගේ භාන්ඩයක් ලෙස සළකන ලදී. කෙසේ වෙතත් සභාවට දෙන උපදෙස් වල අවසන් පේළියේ ක්‍රිස්තුස්වහන්සේ වැනි නිවැසියන් තමන්ගේ දාසයන්ට “ධර්මිෂ්ඨවූ සාධාරණ වූ” ආකාරයෙන් ක්‍රියා කළ යුතු බව ඔහු පෙන්වා දෙන්නේය (කොලොස්සි 4:1). තවත් පරිවර්තනයක ඇත්තේ “ඔවුන්ට සාධාරණව සළකන්න” කියාය.

සේවකයින් “මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන්” (3:23) සේවය කරන්න කියා පවසන පාවුල් ස්වාමිවරුන්ට ඉහළින් යේසුස්වහන්සේගේ ආධිපත්‍යය පවතින බවද ස්වාමිවරුන්ට සිහිපත් කරවන්නේය : “ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන…..” (4:1). ඔහුගේ අරමුණ වූයේ ඔවුන්ගේ පරම අධිකාරිය ක්‍රිස්තුස්වහන්සේ බවට කොලොස්සි ඇදහිලිවතුන්ව දිරි ගැන්වීමය. සේවායෝජකයෙක් සේවාදායකයෙක් හෝ අපගේ නිවසේ හෝ සමූහනයේ හෝ වේවා අපි අන් අය සමග ක්‍රියා කරද්දී “ධර්මිෂ්ඨ සහ සාධාරණ” දේ කිරීමට උපකාර කරන ලෙසට අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය (1 පදය).